කෑගල්ලේ පැණිය ගන්න ගමේ අය නොයන හේතුව හා විධිමත් පර්යේෂණ නොකරන හේතුව
ඊයේ දිනයේ මාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් බවට පත්වූයේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නොමිලේ බෙදාදුන් පැණිය හා එය ආශ්රිත පොකුරක් නිර්මාණය වීම පිළිබඳ අවදානමයි. මෙය සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල අදහසක් ඉදිරිපත් කර තිබේ.
ඔහු මෙසේ කියයි.
කැගල්ලේ වැක්සීන් එක පර්යේෂණාගාරයක ඔප්පු කළේ නම් ලංකාවේ ආර්ථිකයට මොකවත් අවශ්‍ය නැත. එය ලෝකයේම ආදායමක් ලැබෙන දෙයක් කරගෙන විකුනාගත හැකිය. නමුත් එහෙම දෙයක් මේකට කරන්නේ නැත. ජනවිඥානය හරහා මිත්‍යා ක්‍රියාකාරකම් වලින් ජනතාව ඉහළට ගෙනවිත් ජාතිය ආගම විකුනා අවසානයේ මුට්ටිය ගගේ දැමීම දක්වාද ගෙනවිත් මෙය තල්ලු කර හරින මාර්කට්ටුව මෙතැනය. අවසානයේ නත්තල් පොකුරට කලින් ඊළඟ පොකුර බවට පත්කරන්නට යන්නේ මෙයයි.
මීගමුවෙන් ඇතිවේ යයි හිතෙන නත්තල් පොකුර කල් ඇතිවම කෑගල්ලේ වෙද මහතාගේ පොකුර ලෙස මතුවිය හැකි යයි ඊයේ එහි ජනතාව හැසිරුණ ආකාරයෙන් පෙනී යන්නේය.
'බාසුන්නැහේ වෙදෙක්වීම' ගැනදැන් කතාවෙන්නේය. එවැනි සිදුවීම් කිහිපයක් ලංකාවේ මීට පෙරත් සිදුවූ බව දන්නෝ දනිති. බන්දුල දිසානායක නමැති 'හිත හොඳ චණ්ඩියා' චිත්‍රපටයේ නළුවා පසුකලෙක ෆයිබර් වලින් තැනූ සිප්පිකටු ගෙන්වා වාලම්පුරි ලෙස විකුණා කෝටිපතියෙකුවූයේය. මේ ආකාරයටම ෆෙන්ෂුයි නමින් ප්‍රකටවූ ආසිරි වනිගරත්න පේමන්ට් වෙළෙඳපොළේ විවිධ දෑට නොයෙකුත් අර්ථ ගන්වා මිලියනපතියෙකු වූයේය. මංජුල පීරිස් දෙරණට එන්නට පෙර මොරටුවේ ඔහුගේ අදහස් වැපිරුවේය.
මේ සියලු දෙනාගේ පොදු ලක්ෂණය ගමේ අය සමග සම්බන්ධතා නොපැවැත්වීමය.
ගාල්තැන්නේ කපුවා ගාවට නුවර ගොස් පුදපූජා කළ අය ඔහුගේ දේවාලයට යද්දී කළමනා මිලට ගන්නේ ඔහුගේම කඩයෙන්ය. ගමේ වෙනත් කඩවල් වලින් ඒවා ගැනීම ඔහු වළක්වා ඇත්තේ ගමේ අය ඔහු ගැන ඇත්ත ඇති සැටියෙන් විවිධ කෙලාම් කියන නිසා එම සන්නිවේදනය වැළැක්වීමටය.
කෑගල්ලේ පැණිය ගන්නටත් ගමේ අය ආවේ නැත. හේතුව ඔහු ගැන ගමේ අය දන්නා නිසාය. මීවැල්ලාවේ උප්පරවැට්ටියට රැවටී එදා කොළඹ සිට වාහනවලින් ආ පිරිසගේ වාහන නවතා තණකොළ මිටි දෙමින් ගමේ අය තණකොළ දන්සලක් දුන්නා මතකය. එසේ කළේ උඹලා ගොන්නු වුණාට අපි ගොන්නු නොවේ කියන්නටය.
කෑගල්ලේ පැණිය ගැනීමට පැමිණි පිරිස් මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියේ අය වීම විශේෂිතය. ඔවුන් ඇතැමුන් පැමිණියේ බීඑම්ඩබ්ලිව් වාහන වලය. මේ පිරිස් ඔස්සේ පැණිය ගැන ලැබෙන ප්‍රචාරය මෙය ඇත්තක් යයි ජනතාවට ඒත්තු ගැන්වීමට ප්‍රබල උදව්වක් කර ඇත. වැදගත් උගත් බුද්ධිමත් අයත් පැණිය පිළිගන්නවා...යන්න පෙන්වීමට එයින් හැකිය.
කෙසේ වෙතත් මේ අය 'පොෂ්' ලෙස පෙන්වූවත් සිතන්නේ සාම්ප්රදායිකවය. වාහනේ යට බැලුවොත් දෙහිගෙඩි එල්ලා තිබිය හැකිය.වාහනේ ඇතුලේ කතරගම දෙවියන්ට පුදපූජා පවත්වන දේ තිබිය හැකිය.
තමන්ගේ ප්‍රශ්න වලට ආවේශවූවන් සොයා යන මහාචාර්යවරුද ලංකාවේ සිටී. කලකට ඉහත සායි බාබා ශ්රාවකයින් ලෙස සිටි ඉහළ මධ්‍යම පන්තිය නිසා එම දහම කෙනෙකුට එක්වරම මිත්‍යාවක් යයි මතුවන සැකය දුරු කිරීමට ප්‍රබල හේතු සැපයීය.
මේ අය සිතන පතන විදිහ හා බුද්ධිය දෙකක් බව විද්‍යාව ගැන සරල අවබෝධයක් හෝ නැතිව ඔවුන් තෙරපෙන හැටි දකිද්දී හඳුනාගත හැකිය. දොළුකන්දේ ගියේත් මේ අයය. මීවැල්ලාවේ ගියේත් මේ අයය.
කෑගල්ලට මෙවර යන මේ මිනිස්සු අලුත් නැත. අලුත් විදිහට පෙනෙන්නේ සෝෂල් මීඩියා නිසාය.
මේ පහුගිය කාලය පුරාම සාස්තර කියමින් යන්තර මන්තර බඳිමින් ගෙන ආ ජනවිඥානයේ ස්වභාවයයි. ඇමතිවරු මුට්ටිය ගගට දාන තැනට ගෙන ආ ජන විඥානයයි. ඕන පැණියක් ඕන ගොංකමක් විකුණාගන්න පුළුවන් තැනට දැන් එය පැමිණ ඇත.
ඉතිහාසය බලද්දී අනුරාධපුරයේ වෑල්ඩින් වෙදෙකුද ලංකාවට සිටි බව මතකය. ඔහුගේ සුවකිරීම් ඇත්තක් වූයේ නම් ලෝකයටම වෙදකම් කර ලංකාවේ ආර්ථිකය නංවන්න එම තැනැත්තාට හැකියාව තිබුණි.නමුත් එවැන්නක් සිදු වන්නේ නැත.
කැගල්ලේ වැක්සීන් එක පර්යේෂණාගාරයක ඔප්පු කළේ නම් ලංකාවේ ආර්ථිකයට මොකවත් අවශ්‍ය නැත. එය ලෝකයේම ආදායමක් ලැබෙන දෙයක් කරගෙන විකුණාගත හැකිය. නමුත් එහෙම දෙයක් මේකට කරන්නේ නැත. ජනවිඥානය අලෙවි භාණ්ඩයක් බවට හරවා ඇත.
උපුල් ශාන්ත සන්නස්ගල දැක්වූ සම්පූර්ණ අදහස පහත වීඩියෝවෙන්
මෙි නෝනා හරි ආසයි මියියන්ගේ පැනි බොන්න
ReplyDeleteපැනිය වැඩ කරනවද කියන එක මිසක් ඒක බටහිර විද්‍යාවට ගැලපෙවද කියන එක අපට අදාල නැහැ.
Deleteමම කියන්නෙ සන්නා කරන්න ඕනඕක නෙමෙයි.පැනි වලට ගරහනන එපා.මොකද තමුන්ගෙ දෙමව්පියො සමහරවිට තමුනගෙ ජිවිත බේරගෙන ඇති පැනි කසාය වගේ දේවල් පොවලා.ඒ පැනිය ගැන සායනිකව තහවුරු කරනගන්න කියලා රජයට බලපැම් කරන එකයි ඔබ කල යුත්තේ.නමුත ඔබ කරන්නේ ඔබේ ජනප්‍රිය බව වෙනුවෙන් වචන හරබ කරන එක.ආන්ඩුවෙ ඉන්නෙ යාලුවො නේද.රට වෙනුවෙන් ඒ දේ කරලා පැනිය වැලද ගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න.එ මනිස්සුන්ගෙ වෘතිය ගෟරවයට පහර ගහන්න තරම් මුග්ධ වෙන්න එපා.Sorry
Deleteඔබ ගුගුරුවරයෙක් හැටියට අපේ හිතේ ගෞරවය තියෙනවා.. නමුත් කට තිබ්බ පලියට ගොං කතා කියන්න එපා.. සිංහල භාෂාව විකුණාා කාලයක් මුදල් ගැරැව ඔබ දැන් සුද්දාට කඩේ යන එක ගැන දුකයි... සුද්දගෙන් පස්සේ මේ රටේ පාලනය භාර ගත්ත කළු සුද්දෝ අපේකම ගැන හිතුවා නමි අපේ රට ශ්‍රෙෂ්ඨ රාජ්‍යයයන් අතරින් ගොඩාක් දියුණු රාජ්‍යයයකි...එමනිසා සුද්දට කඩේ යන්නේ නැතුව අන්තිම කාලේදීවත් රට ජාතිය වෙනුවෙන් .. අපේකම වෙනුවෙන් ... දෙයක් කරෝතින් හොදයි ... මන්දයත් ඔබේ වයසේ මිනිස්සු තමයි මේ රට වලදැම්මේ ... ඔබ සිංහල උගන්නාා උපයාගත් අහිංසක ශ්‍රිලාංකික දරැවන්ගේ මුදල් වලින් වැජඹි වැජඹි සුද්දට කත් අදින්නේ නැතුව ඒ දරැවෝ වෙනුවෙන්වත් රට ගැන.. අපේකම.. අපේ උරැමයන් ගැන හිතලා වැඩ කරොත් අගෙයි..
ReplyDeleteමහත්තයා සිංහල හොදට ඉගෙන ගත්තා කියල ගොන් කතා කියන්න එපා. ඔබ වගේ මෝඩයෙක් කියන කතා අපි ඒ කලේ ඇහුවා.එත් දැන් තෙරෙනවා අලි මෝඩයෙක් ගේ class අපි ගිහිල්ලා තියෙන්නේ .
ReplyDeleteSannasagalage katha Hama ekkama attha neweyi....e unata me kathawa attha sannasgalata awasthawa udakarala dunne dunne me gobba amathiwaru...awushadayak prasiddakaranne widdyathmaka paryeshana yam pramanayakata iwarakaralayi.ehema karapuwath passe balanakota sarthaka nathi awasatha thiyenawa.amathiwaru meats awasthawa Deanna ona mammoth meets weda Honda wada piliwalak athiwa....menken wenne sinhala weda kamama thawath wala palate yan aka withrayi
ReplyDeletePuusa matiyen unath mokada meeyo allanawanam
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසන්නට මේ දවස් වල ගහන්න බඩු නැති නිසා මිනිහ එක්කො සික් එකේ ඉන්නෙ නැත්නං මෝර්ටීන් වෙනුවට වෙන මොකක් හරි ගහපු බඩු වගයක් ගහන්න සෙට් වෙලා දඩ ක්‍රැක් එකක් ගිහින්.සන්න හයිය තිබ්බට පයිය නැත්තං වැඩක් නෑ වගේ තමා ඕයි ලියන්න පුලුවන් උනාට මෝඩයෙක් නම් වැඩක් නෑ බං.
ReplyDelete