අත් පා වෙන් වෙන්න මිනීමැරූ සැකකරු ආයුධ පෙන්නන්න යද්දී මරුට - lankaenewsGossip

අත් පා වෙන් වෙන්න මිනීමැරූ සැකකරු ආයුධ පෙන්නන්න යද්දී මරුට

වේයන්ගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා සැකකරුවෙකු රැගෙන ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් අතරතුර පොලිස් වෙඩි පහරින් එම සැකකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 
                                                                               ඉකුත් 19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන් චෝදනවකට පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු මංකොල්ලකෑම් කිහිපයකටත් සම්බන්ධ සැකකරුවෙක් වන බවත් වාර්තා විය. 
                                                                                                                             වේයන්ගොඩ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි පුද්ගලයෙක් වූ ඔහු කැටුව අද අලුයම යම් මෙහෙයුමක් සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබූ අවස්ථාවේ ඇති වූ සිද්ධියකදී වෙඩි පහර කා ඇති අතර මෙම සැකකරු රෝහල්ගත කිරීමකදී මියගොස් ඇත.









No comments

Powered by Blogger.