දියණියගේ සැමියාට හා මිණිපිරියට කොරෝනා කියා මව දිවිනසාගනී - lankaenewsGossip

දියණියගේ සැමියාට හා මිණිපිරියට කොරෝනා කියා මව දිවිනසාගනී

සිය දියණියගේ ස්වාමිපුරුෂයාට හා මිනිපිරියට කොවිඩ් 19 ආසාදනය වූයේ යැයි   අධික ලෙස කම්පනයට පත්වූ කාන්තාවක සියදිවි නසාගත් පුවතක් ජාඇලින් වාර්තාවේ.



මියගොස් ඇති කාන්තාවගේ දියණියගේ  ස්වාමිපුරුෂයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්, ප්‍රවාහන කරනු ලබන රියැදුරකු ලෙස සේවය කර තිබෙන අතර පසුගියදා එම කම්හලේ අයට සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා රෝගය ධනාත්මකවී ඇත. අනතුරුව 

එම පවුලේ අයට සිදුකරනු ලැබූ පී.සී.ආර්. පරික්ෂාවකදි එම  රියදුරුගේ දියණියට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැදිහත්වී පවුලේ  ඉතිරි පිරිස ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. එලෙස නිරෝධායනය කරද්දී පවුලේ පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙන ගිය අතර වයෝවෘද්ධ මවට නිවසේ තනිව ඉන්නට උපදෙස් ලබාදී තිබුණි.

මෙලෙස ස්වයං නිරෝධායනය වෙමින් පවතින අතරවාරයේ  අධික ලෙස කලකිරීමෙන් සිටි බව කියන මෙම කාන්තාව දිවිනසාගැනීමට යොමුව ඇත. ඇගේ සිරුර නිවෙසේ කාමරයක් තුළ එල්ලෙමින් තිබියදී සොයා ගත් බව ජාඇල පොලිසිය පවසයි.  පෙරේදා (07)දා උදෑසන 9.30ට පමණ ජාඇල  පොලිස් වසමේ ඒකල ප්‍රදේශයේ දී  මෙම සිද්ධිය සිදුව තිබිණි. 

මියගිය අය එම අවස්ථාවේ තනිව ෙනිවසේ පදිංචිව සිට ඇති බව පොලිසිය කීය.  මෙලෙස මියගොස් තිබුණේ ජයකොඩි ආරච්චිගේ මේරි මැටිල්ඩා (72) පල්ලිය වන්න ඒකල පදිංචිකාරියක බව පොලිසිය කීය. ඇගේ දේහය පශ්චාත් මරණ පරික්‍ෂණ කටයුතු හා පී.සී.ආර්. පරීක්‍ෂණවක් සඳහා ජාඇල පොලිසිය  විසින් රාගම රෝහලට යොමු  කර ඇත.

No comments

Powered by Blogger.