අඹගමුවේ හතරකට කොරෝනා - lankaenewsGossip

අඹගමුවේ හතරකට කොරෝනා

අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි බල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් සිව් දෙනෙක් (30) දින ලද පි.සි.ආර් වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක පි.කාමදේවන් මහතා පැවසිය.

ගිනිගත්හේන බ්ලැක්වොටර් ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි කාන්තාවකට සහ එම කාන්තාවගේ නිවස අසලම තවත් පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වු ඇත. බ්ලැක්වොටර් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 8 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබු අතර , එම

පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් නව අසාදිතයන් වන බවයි පි.කාමදේවන් මහතා කියා සිටියේ.

හැටන් වටවල කුයිල්වත්ත දමිල විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබන කොවිඩ් 19 වෛරසය අසාදනය වි දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර ඇති සිසුවාගේ මිත්තනියටද (65) , (30) දින

කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇත.

මේ අතර නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් නෝටන් මිඩ්ෆෝඩ් කොටසේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි පෙර අසාදිතයන්ගේ අවු 34 වයසැති ආශ්‍රිතයෙකුටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව එම

අසාදිතයන් සිව්දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ

වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක පි.කාමදේවන් මහතා පැවසිය.

Ranjith Rajapakshe Hatton


No comments

Powered by Blogger.