කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීම් සහ පිටවීම්.
කටුනායක ගුවන් තොටුපළ සාමාන්‍ය ගුවන් මගී මෙහෙයුම් සදහා වසා තිබියදී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 406 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ 11/27 දින මෙරටට පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 382 දෙනෙකු රැකියා සදහා කටුනායක ගුවන් තොටුපළෙන් 11/27 දින පිටත්ව ගොස් තිබුණි .
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි සිටි 153 දෙනෙකු ඩුබායි සිටත් , කටාර් රාජ්‍යයේ රැදී සිටි 50 දෙනෙකු දෝහා සිටත් , ඕස්ට්‍රේලියාවේ සිට 191 දෙනෙකු සිඩ්නි සිටත් , ජපානයේ සිට 12 දෙනෙකු නරීටා සිටත් 11/27 දින අලුයම පැමිණි ගුවන් යානා 05 කින් ශ්‍රී ලාංකිකයන් 406 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණ තිබූ මෙම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් වන නවලෝක , ඩර්ඩන්ස් , ලංකා සහ ආසිරි යන කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කළ අතර , ඉන්පසුව මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබුණි .
එසේම 11/27 දින අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 275 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 53 දෙනෙකු ද ,මාලදිවයිනේ මාලේ වෙත 54 දෙනෙකු ද වශයෙන් ශ්‍රී ලාංකිකයන් 382 දෙනෙකු රැකියා සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
Leave a Comment