ලයිසන් නැති එස් එස් පී දියණිය කෝටි හයක් පාඩු කරයි - lankaenewsGossip

ලයිසන් නැති එස් එස් පී දියණිය කෝටි හයක් පාඩු කරයි

ඊයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවූ ඡායාරූප කිහිපයකින් කොළඹ බොහෝ දෙනෙකුට හුරු තැනක සිදුවූ  දේපළ හානි පමණක් සිදුවූ මාර්ග අනතුරක් වාර්තා විය. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට නිදහස් මාවතට වංගුව හරවන තැන පිහිටි නන්දා මෝටර්ස් වාහන සේල් පොළයි. තරුණ වයසේ රියදුරුවරියක පැදවූ සුදු පැහැති ජීප් රිය එම වාහන සේල් පොළේ වීදුරුකඩාගෙන ඇතුළුවී තිබුණ අතර එහි වාහන වලට හා දේපළට අලාභහානි සිදුව තිබුණි. මෙම අනතුර නිසා සිදුවූ පාඩුව කෝටි 6 ක් ලෙස ගණන් බලා ඇතැයි වාර්තා විය.

මෙම අනතුර සිදු කරඇත්තේ රියදුරු බලපත්‍රයක් පවා නැති තරුණියක බව පැවසෙන අතර ඇයගේ පියා  පොලිසියේ එස්පී තනතුරක් දරන බවද පැවසේ. මෙම අනතුර සිදුකරන අවස්ථාවේ තරුණිය බීමත්ව සිටි බවට සැක කරන බවත් ඇයව ඒ සම්බන්ධ පරීක්ෂාවකට යොමු කර ඇතැයිද වාර්තා විය.

මෙම අනතුර සිදු කළ තරුණියගේ සොයුරාද මීට කලකට ඉහත 2019 මාර්තු මාසයේ රටේ ආන්දෝලනයක් ඇති කරමින් වාර්තාවූ යතුරුපැදි-ඩිෆෙන්ඩර් අනතුරක් සිදුකරන ලද පුද්ගලයා බවට වාර්තාවේ. ගාලුපාරේ සිදුවූ එම අනතුරින් බොරැල්ල පොලිස් රථවාහන අංශ ප්‍රධානියා මියගිය අතර රියදුරු උසාවියට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

රාත්‍රී කාලයේ යම් යම් සාද හෝ සමාජ ශාලා ඇසුර පිණිස ගමන් කරන තරුණ පිරිස් එම අවස්ථා අවසන් කර නැවත නිවෙස් බලා යාමේදී සිදුවන මේ ආකාර අනතුරු දැන් සුලබ වී තිබේ. මීට වසර කිහිපයකට පෙර ඇමති රඹුක්වැල්ල පුතු රමිත් පැදවූ වාහනයක්ද පෙර කී අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ තාප්පයක් හා ගසකට හානි කරමින් හැප්පී නැවතී තිබුණි.



2 comments:

  1. Matatkand police job ekak tibanum
    Math v8 land cruiser ekak gannawa 🤩

    ReplyDelete
  2. Father knows the law better than anybody.children of high rank officers must think before they take the vehicle to their hands.if something happens it's not good to my father.all the blame goes to him.This is not the first accident in srilanka.so as a adult child you must understand very well.now see your father has to suffer with this.pls do not drive any vehicle if you don't have licence.your luckily someone not get hurt from this.This is Good lesson for everyone.Make your parents proud.Do not use his powers and drive without license.

    ReplyDelete

Powered by Blogger.