පීසීආර් ප්‍රතිඵල එනකං අපි බණ්ඩාරවෙල නිරෝධායනයේ - ශලනි තාරකා
මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින ටෙලි නාට්‍ය නිළි ශලනි තාරකා ඇය සම්බන්ධයෙන් පැතිර යන ආරංචි සම්බන්ධයෙන් ෆේස් බුක් ඔස්සේ වීඩියෝ මාධයෙන් පිළිතුරක් සපයා තිබේ.
ඇය ඇතුළු 25 ක කණ්ඩායම කොළඹ සිට බන්ඩාරවෙල ගියේ ඇඳිරි නීතිය පැනවීමට පෙර
බව ඇය කියා සිටින අතර එහි සිටියදී ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි වලට ලක් නොවූ බව කියයි.
ඇය සිටි ස්ථානයට පොලිසිය හා සෞඛ්‍ය බලධාරීන් පැමිණි බවත් ඔවුන් කළ නියෝග වලට අවනත වූ බවත් ඇය කියයි.
ඇඳිරියට පෙර තමා එහි ආ බව කීවත් සෞඛ්‍ය නිලධාරීන්ගේ නීති වලට ලක්වන්නට සිදුවූ බව හා තමා ඇතුළු පිරිස දැන් නිරෝධායනයට යොමුවී සිටින බව ඇය පිළිගනී. එසේම තමා ඇතුළු අය පීසීආර් පරීක්ෂණ වලට පෙනී සිටි බවත් ඒවායේ ප්‍රතිඵල ලැබෙන තුරු අපේක්ෂාවෙන් පසුවන බවත් ඇය දන්වා සිටී.
කැන් යූ හියර් මී නමැති ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ඇය බණ්ඩාරවෙල ගොස් තිබෙන බව කීවාය.
😍😍😍😍😊🌸🌸☺️
ReplyDeleteOya athulu siyaluma denata theruwan saranai
ReplyDelete