බගවන්තලාව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 5 ක්.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයෙන් ඊයේ (26 ) දා නව කොරෝනා ආසාදිතයින් 05 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයී.ඒ අනුව මෙම රෝගීන් 05 වාර්තා වනුයේ බගවන්තලාව ප්‍රදේශයෙන් 03 ක්, වෙන්චර් ප්රදේශවෙන් 01 ක් හා නෝර්වුඩ් ප්‍රදේශයෙන් 01 වශයෙනි.
ඉකුත් 24 දා මෙම ප්‍රදේශවලින් අහඹු ලෙස පුද්ගලයින් 46 කු පී.සී.ආර්.පරික්ෂණය සදහා යොමුකර තිබු බවත් මෙම රෝගීන් එහිදී වාර්තා වූ බවක් සෞඛ්‍ය අංශ පවසයි.මෙම තත්ත්වය හමුවේ රෝගීන් වාර්තා වු ප්‍රදේශ වන ටිලරි.වෙන්චර්.කොටියාගල.මෝරා.බ්‍රිඩ්වෙල් යන වතුවල පාසල් සිසුන්ට පාසල් සදහා නොපැමිණෙන ලෙස හැටන් කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස් .ශ්‍රිදරන් මහතා උපදෙස් ලබා දී ඇත.ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගනිමින් සිටී.
Leave a Comment