කඨින පින්කමට කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඇවිත් - භික්ෂුන් වහන්සේලා 5ක් නිරෝධායනයට - lankaenewsGossip

කඨින පින්කමට කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඇවිත් - භික්ෂුන් වහන්සේලා 5ක් නිරෝධායනයට

මාවතගම මැටිබොක්ක ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ  පවත්වන ලද කඨින පුජාමය පිංකමකට කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සහභාගි වීම හේතුවෙන් ඊට සහභාගි වූ එම 

විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පස්දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට මාවතගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මෙම කඨින පූජාමය පිංකමට ප්‍රදේශවාසීන් සමග පිටස්තර ප්‍රදේශවල පුද්ගලයන් කීප දෙනෙකුද සහභාගි වී ඇති අතර,  එසේ පැමිණි ගලගෙදර සහ මාවතගම පොතුබෝව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකුට කොරෝනා වෙරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව සෞඛ්‍ය බලධාරීන්ට අදාළ පියවර ගෙන ඇත.


මෙම එම භික්ෂූන් වහන්සේල්ලා පස්දෙනා සමග පිංකමට සහභාගි වූ එම ප්‍රදේශයේ පවුල් කීපයක්ම ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව මාවතගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලංකා අමරසිංහ මහත්මිය සඳහන් කළාය.  මෙවැනි පිංකම් ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව පවත්වන ලෙසට උපදෙස් ලබාදී තිබුණද ඒ සඳහා පිටස්තර ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ද සහභාගි වීමෙන් මෙවැනි අවදානම් තත්වයන්ට මුහුණ දීමට සිදුවන බව වෛද්‍ය අමරසිංහ මහත්මිය පැවසුවාය.


-පුෂ්පකුමාර ජයරත්න-



No comments

Powered by Blogger.