19 හැවිරිදි තරුණයකුගේ නිරුවත් සිරුර දෙනියායේ වනයක - lankaenewsGossip

19 හැවිරිදි තරුණයකුගේ නිරුවත් සිරුර දෙනියායේ වනයක

මීට දින හතරකට පමණ ඉහත දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැක කරන කැපුම් කෙටුම් සහිත පිරිමි නිරුවත් මළ සිරුරක් ඊයේ (10) දෙනියාය, විහාරහේන මතුගොබේ වන වගාවක තිබී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත සොයා ගත් බව දෙනියාය පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දහනව හැවිරිදි මතුගොබේ කොටස, එනසල් වත්ත, දෙනියාය ලිපිනයේ පදිංචි කුමාර් සුසන්ත නැමැති අවිවාහක පුද්ගලයෙකු බව පොලිසිය හඳුනා ගෙන ඇත. ෙත්  ඉඩම්වල දළු කැඩීම සඳහා ඊයේ (10) උදෑසන ගමන් කරමින් තිබූ කිහිප දෙනෙකු එම ප්‍රදේශයෙන් දුගඳක් හැමීම හේතුවෙන් සහ සුනඛයන් මළ සිරුර තිබූ ස්ථානයට ගොස් බිරිම හේතුවෙන් ඔවුන් ලබාදුන් තොරතුරක් මත මළ සිරුර සොයාගත් බව පොලිසිය කියයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති ඇති  අතර මරණකරු අවසාන වශයෙන් ඉකුත් හය වැනි දින පස්වරු 6.00 ට දෙනියාය විහාරහේන මාර්ගයේ  කන්දිලිපාන මංසන්ධියේ අවන්හලකින් මත්පැන් බෝතලයක් රැගෙන යන අයුරු එම අවන්හලේ .සී.ටී.වී කැමරාවේ සටහන් වී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.  ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය එම ස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ආනන්ද වීරසේකර මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ .



 -එස්. ඩි. කොඩිකාර-

No comments

Powered by Blogger.