ඇඳිරි නීතිය අස්සේ ලොක්කෙකුගේ වෙඩිමක් ජයටම ගනියි - lankaenewsGossip

ඇඳිරි නීතිය අස්සේ ලොක්කෙකුගේ වෙඩිමක් ජයටම ගනියි

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවකදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ප්‍රබල දේශපාලඥයෙකුට සම්බන්ධ අයෙකු ගේ විවාහ මංගල්‍ය උත්සවය මේ මොහොතේ පැවැත්වෙමින් තිබෙන බව‍ට වාර්තා වනවා.



මෙම විවාහ මංගල්‍ය උත්සවය සඳහා 50 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගිවන බවටයි වාර්තා වන්නේ.

කෙසේ වුවත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත තුළ කිසිදු විවාහ උත්සවයක්, සාදයක් හෝ පැවැත්වීම තහනම් බවට පසුගිය බදාදා රජය විසින් දැනුම් දෙනු ලැබුවා.

මෙවැනි අවස්ථාවකදී විවාහ උත්සවයක් පැවැත්වීමට අවසරය හිමිවුයේ කාගෙන්ද යන්න ප්‍රශ්නාර්ථයක්.

No comments

Powered by Blogger.