සමාජගත වුණාම මරණ ගණන වැඩිවේගෙන යනවා - lankaenewsGossip

සමාජගත වුණාම මරණ ගණන වැඩිවේගෙන යනවා

කෝවිඩ් රෝගීන් බහුල වීමන් සමග රෝගය මේ වනවිට සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිර ඇතිද යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එමෙන්ම මෙම රෝගය නිසා මිය යන සංඛ්‍යාව අඩු වීම නිසා මෙය එතරම් සැලකිල්ලට ගත යුතු රෝගයක් නොවේ යනුවෙන්ද ලාංකික ප්‍රජාව තුළ මේ වන විට මතයක් නිර්මාණය වී තිබේ. මේ නිසාම බොහෝදෙනෙක් නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින ආකාරයක්ද දැකගත හැකියි. එය මෙම රෝගය සම්බන්ධයෙන් අවදානම් තත්ත්වයක් බැවින් මේ සම්මුබ සාකච්ඡාව ගෙන එන් ඒ පිළිබදව දැනුවත් කිරීමේ අරමුණයි. ඒ සදහා අප හා සම්මුබ වූයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික  වෛද්‍ය හරිත අලුත්ගේ මහතායි.



ලංකාව තුළ රෝගීන් වැඩි වශයෙන් හම වුණත් රෝගින් මිය යාම සිදුවන්නේ අඩුවෙන්.එවැනි තත්ත්වයක් තුළ මෙම රෝගයට ෙමතරම් බිය විය යුතුදැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා?

ලෝකයේ අනිත් රටවල අත්දැකීම් ගත්තම  රෝගයෙන් කොපමණ ප්‍රමාණයක් මිනිසුන් මිය ගියාද කියලා අපි දැක්කා. නමුත් ලංකාවේ එවැනි තත්වයක් දක්නට නැහැ. එයට ප්‍රධානම හේතුව තමයි මෙතක් කෝවිඩ් ලකාවේ සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරිලා නැහැ. සමාජ ව්‍යාප්තියක් උනොත් මේ තියන තත්වය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. යම් පාලනයක් ඇති කරගන්න පුළුවන් වී තිබෙන  නිසා තමයි මිය යන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වී තියෙන්නේ. සමාජ ව්‍යාප්තියක් උනොත් ලෙඩ තියෙන්නේ කාටද නැත්නේ කාටද කියලා අපි දන්නේ නැහැ. එවිට වේගයෙන් රෝගය ව්‍යාප්ත වෙනවා. එවැනි අවස්ථාවක වැඩිහිටියන් බලාගැනීම කළ නොහැකි දෙයක් වෙනවා. රෝහල් පද්ධතිය කඩාගෙන වැටෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන පිරී ඉතිරී යනවා. මරණ ගණන වැඩි වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ අපිට පෙනෙන්න තිබෙන දේ අනුව මේ ලෙඩේ හැදුෙණාත් මැරන්නේ නැහැනේ කියලා අපි කටයුතු කළොත් එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සමාජ ව්‍යාප්තියකින්. ඒ ගැන අපි සැලකිලිමත් විය යුතුයි. මේ නිසාම සියලුදෙනා වගකීම් සහගතව කටයුතු කිරිම වැදගත්.


කෝවිඩ් වසංගතය තවමත් සමාජගත වී නැහැ කියන කාරණය පිළිගත හැකිද? 


සමාජය තුළින් රෝගීන් වාර්තා වෙනවා. ඒක නහැ කියන්න බැහැ. නිරෝධායන  මධස්ථාවලින් වාර්තා වෙනවට වඩා රෝගීන් වැඩි පිරිසක් ද වාර්තා වෙනවා. ඒ රෝගීන් වාර්තා වෙන්නේ සමාජයෙත්. මිනුවන්ගොඩ පොකුර ගත්තත්, පෑලියගොඩ මත්ස්‍ය වෙළද පොල්පොකුර ගත්තත් ඒ පොකුරුවලින් රෝගීන් 700ක් පමණ වාර්තා වෙනවා. ඔවුන් ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ කියන්නේ සමාජය තුළින් රෝගීන් හමුවෙනවා. ඒ නිසා මේ රෝගය සමාජය ව්‍යාප්තිය දක්වා ගිහින් තියෙනවද  කියල බොහෝ දෙනා තර්ක කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තිරණය අනුව සමාජ ව්‍යාප්තිය සඳහා කරුණු තුනක්  සම්පූර්ණ විය යුතුයි. ඒ තමයි ආසාදිතයන් හමුවන බහු පොකුරු නිර්මාණය විය යුතුයි. ඒවාරටෙහි විවිධ තැන්වලින් නිර්මාණය විය යුතුයි සහ ඒවා එකට එකක් සම්බන්ධ නොවිය යුතුයි කියන මේ කරුණු තුන සම්පූර්ණ විය යුතුයි. මේ නිසා වසගත රෝග විද්‍යා අංශය සහ ආරක්ෂක අංශ දිගින් දිගටම කියන්නේ මේ දක්වා වාර්ත වූ රෝගීන් සියලුදෙනාටම මොනයම් විදිහකින් හෝ මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ රෝගී පොකුර සමග යම් සම්බන්ධයක් තිබෙනවා කියලා. එය ඔප්පු කරන්න හෝ බැහැර කරත්ත සාධක අපිට නැහැ. ඒ තොරතුරු තිබෙන්නේ වසංගත රෝග විද්‍යා ඒකක තුළයි. 


එසේ නම් මෙහෙම වෙන්න හේතුව කුමක්ද? 


මේ වන විට තිබෙන අවදානම නිවැරදි ආකාරයෙන් සන්නිවේදනය විය යුතුයි. එහෙම උනොත් තමයි ජනතාව ආරක්ෂා වීමට යොමු වන්නේ . අවදානම සන්නිවේදනය කරන විට එය විශ්වාසදායක විය යුතුයි. මිනිස්සු ඉදිරිෙය් හාස්‍යයට ලක්වන ආකාරයේ සන්නිවේදනයකින් මිනිස්සු ආරක්ෂා වෙයි කියල හිතන්න අමාරුයි. සමාජ ව්‍යාප්තිය කියන කාරණය සමාජ මාධ්‍ය තුළ මේ තරම් හාස්‍යයට ලක්වෙලා තිබෙන්නේ මේ නිසයි. එහෙම හාස්‍යයට ලක්වෙන එක එතරම් හොද නැහැ. මේ නිසා සමාජ ව්‍යාප්තිය නතර කරගත්ත අවශ්‍ය වෙන වැඩ ටික අපි හැමෝම එකතුවෙලා කරන්න අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් අපි ජනාධිපතිතුමාටත් භාරදුන්නා. 


මේ මෙහොතේදී සිදුවිය යුතු යැයි ඔබ සංගමය අදහස් කරන කරුණු මොනවාද?


කෝවිඩ් සම්බන්ධයෙන් සිදුකර පරික්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතුයි. එය මුලින්ම අපි කියද්දී ඇතැම් අය හිනාවුණා. නමුත් දැන් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරමින් තිබෙනවා. පරික්ෂණ වැඩි කිරීමේදී අහඹු නියදිඅරගෙන පරික්ෂණ කරන ප්‍රමාණය වැඩි කරන්න කියලත් අපි යෝජනා කළා. ඒ මොකද ලංකාවේ හැමතැනම පරික්ෂා කළ යුතුයි. අනුරාධපුර, පොළොන්නරුවේ අවදානම අඩුයි කියලා පරික්ෂණ නොකර ඉන්න බැහැ, ඒපැතිවලත් පරික්ෂණ කළ යුතුයි. ඒවගේම නිරෝධායනය සිදුකිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් විය යුතුයි.  දැන් සිදුකරන්නේ බොහෝදෙනෙක් අරගෙන ගිහින් ආයතන ඇතුළේ නිරෝධායනය කරනවා. එය රජයට වගේම ආරක්ෂක අංශවලට ලොකු බරක්, ලොකු වියදමක් දරන්න සිදුවෙනවා. මේ නිසා යම් ශ්‍රේණිගත කිරීමක් කරලා මධ්‍යස්ථාන තුළ නිරෝධායනය කළ යුතුම පිරිස පමණක් ඒ සඳහා යොමුකරන ලෙස අපි ඉල්ලා සිටියා. ඒ ගැන පැහැදිලි කරනවා නම් නිවෙස්වල නිරෝධායනය කළ හැකි පිරිසක් සිටිනවා. ඒ වගේම ආයතනයක්ය තුළ නිරෝධායනය කරන්න පුළුවන්. මේ දෙකට ගැළපෙන අවස්ථා මොනවාද කියලා හඳුනාගත යුතුයි. එහෙම නැතිව නිරෝධායනයට යොමුකරන සියලුමදෙනා මධ්‍යස්ථානවලට යවන්න කටයුතු කළොත් අපේ නිරෝධායන පද්ධතිය බිදවැටෙනවා. තුන්වැනියට අපි කිව්වේ රෝහල්ගත කිරීමේදී රෝහල් පද්ධතිය සතු ධාරිතාව ඉක්මවා නොයන පරිදි රෝහල් ගතකරන පිරිසේ වෙනස්කම් ඇතිකරන්න කියලයි. 


ඒ මොකද මේ රෝගීන් අතර ප්‍රධාන කාණ්ඩ තුනක් තිබෙනවා. පළමු කාණඩය රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන කාණ්ඩය. තමන්ගේ ඇෙග් වයිරසය තියනවා කියලා ඒ අය දනනේ නැහැ. කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. PCR පරික්ෂණයක් සිදුකළොත් තමයි ඔවුන් දැනගන්නේ තමන්ට රෝගය තිබෙන බව.  දෙවැනි කණ්ඩායම සුළු රෝග ලක්ෂණ කිහිපයක් මතුවෙන කණ්ඩායම. ඒ අයට  පොඩි හෙම්බිරිස්සාවක්, කැස්සක්, උගුරේ දැවිල්ලක් ගද සුවදේ වෙනසක්, සාමාන්‍ය උණක් ආදී ලක්ෂණ කිහිපයක් ඇතිවෙනවා. තුන්වැනි කණ්ඩායම බරපතළ රෝග ඇතිවෙන කණ්ඩායම. ඔවුන්ට තද උණ, උගුරේ වේදනාව ඇතිවෙනවා.හුස්ම ගැනීමේ අපහසුතා, තද කැස්ස ඇතිවෙනවා. මේ පිරිස අවදානම් වැඩිම පිරිසයි. දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ බෝ නොවන රෝග තිබෙන පිරිස වගේම වැඩිහිටියන්ට මේ රෝගය දරුණු වෙන්න තිබෙන ඉඩ වැඩියි. මේ කණ්ඩායම් තුනට සත්කාර කළ යුත් වන්නේ ආකාර තුනකට. නමුත් දැනට වෙන්නේ මේ හැමෝම රෝහල්ගත කරන එකයි. එහෙම උනාම අනවශ්‍ය තදබදයක් ඇතිවෙනවා. අපේ රටේ රෝහල් ඇඳන් සංඛ්‍යාව සීමා සහිතයි. රෝහල් තුළ කෝවිඩ්වලට ප්‍රතිකාර කරනවා වගේම අනිත් රෝග සදහා ප්‍රතිකාර කරන්න අවශ්‍යයි. කෝවිඩ් තියනවා කියලා අනිත් රෝගීන් භාරගන්නේ නැතිව ඉන්න බැහැනේ. ඒ රෝගීන්ටත් බලාගතයුතු වෙනවා. 


හෘදයාබාධයක් වැලදී රෝහල්ගත වෙන කෙනාත්, හදිසි අනතුරකින් රෝහල්ගත වෙන කෙනාත් අපි රැක බලාගත යුතු වෙනවා. ඒ සියල්ල කරන්න නම් අනවශ්‍ය ලෙස රෝහල්ගත කිරීම අපි නතර කළ යුතු වනවා. රෝග ලක්ෂණ පහල වෙන්නේ නැති අය රෝහල්ගත කරන්නේ නැතිව වෙනත් ආකාරයකින් ඔවුන්ව රදවා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. උදාහරණයක් විදිහට මඩකලපුවේ පූනානී අධ්‍යාපන මධ්‍යස්ථානය දැන් නිරෝධායන මධ්‍යස්ථානයක්. එහි තවත් දාහක් පමණ රඳවාගත්ත පුළුවන් අවස්ථාව තිබෙනවා. මේ අය එවැති තැනකට යොමු කරලා, ඔවුන් අතරින් රෝග ලක්ෂණ මතුවන අය පමණක් රෝහල්ගත කරන්න පුළුවන්. එහෙම කලෙහාත් ජිවීත අවදානමකින් තොරව අපේ පද්ධතියත් රැකගෙන ඉදිරියට  යන්න පුළුවන්. ඒ වගේම අපේ සෞඛ්‍ය  කාර්යමණ්ඩල රැකගැනීම වැදගත්. ඒ මොකද සමාජ ව්‍යාප්තියක් වෙලා රෝගීන් ගණන වැඩි උනොත් ඔවුන්ට ප්‍රතිකාර කරන්න කාර්යමණ්ඩලයක් නැතිව යනවා. ඒ වගේම පවතින අවදානම තක්සේරු කරලා එය මිනිසුන්ට සන්නිවේදනය කළ යුතුයි. එය වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වගකීමක්. නමුත් එහි බරපතළ අඩුපාඩුකම් අපි දකිනවා. 




ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුත්තේ කුමක්ද?


කෝවිඩ් කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය සමග බැදී තිබෙන රෝගයක්. එහෙම නම් අපි අනිවාර්යයෙන් මේ වෙලාවේ අපේ ප්‍රතිශක්තිය වැඩිවෙන ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ පිළිබදව ජනතාවට දැනුම් දිය යුතුයි වගේම ජනතාව ඒ ගැන උනන්දු කළ යුතුයි. ප්‍රතිශක්තිය වැඩි  වෙත්න නම් අපිට මේ අවස්ථාවේදී විවේකය අත්‍යාවශ්‍යයි. කොතරම් කාර්යබහුල කෙනෙක් උනත් මේ වෙලාවේ අවම පැය ගානවත් නිදාගත යුතුයි. විවේකය ලබාගත යුතුයි. වැඩි වශයෙන් ජලය පානය කළ  යුතුයි. උණු ජලය පානය කරන්න පුළුචත් නම් වඩාත්ම හොඳයි. අපේ ආහාර රටාව ශක්තිමත් කරගත යුතුයි. කෘත්‍රිම ආහාර ගත්තොත් අපේ ප්‍රතිශක්තිකරණයට හානි වෙනවා. එයින් වැළකිලා දේශීය පාරම්පරික ආහාර ගන්න අපි යොමු විය යුතුයි. ඒ වගේම ආධ්‍යාත්මික ගුණ වගාවක නිරත වීමත් වැදගත්. අපි මත්පැන්, මන්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිය යුතුයි. ඒ මොකද මේ දෙකෙන්ම ප්‍රතිශක්තිකරණයට හානි වෙනවා. ඒ වගේම තැබෑරැවල පෝලිම්වලින් අනවශ්‍ය තදබදයක් ඇතිවෙලා මේ රෝගය පැතිරෙන්න තිබෙන ඉඩ වැඩියි. ධීවර වෙළද සැල් ආශ්‍රිතව කෝවිඩ් රැල්ලක් ඇතිවුණා වගේ මීලග රැල්ල තැබැරුම් ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන්. තැබෑරුම් ආශ්‍රිතව කෝවිඩ් රැල්ලක් ඇති වුනොත් එය බොහොම භයානක වෙන්න පුළුවන්. ඒ නිසා වැරදි පුරුදුවලින් මිනිස්සු අෑත්විය  යුතුයි. ඒවගේම ජනතාව මුහුණු ආවරණ පැලදීම, අත් සේදීම, මීටරෙය් දුර තබා ගනීම ආදී පුරුදු පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙනවා.  වගකීම්සහගත හැසිරිමෙන් ඔබ කටයුතු කළ යුතුයි. 




මෙතරම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අවස්ථාවේදී රට වසා දැමීමක් සම්බන්ධයෙන් ඔබලා යෝජනා කරනවාද?


රටම වහන එක වැළක්වීමයි අපේ ප්‍රධාන අරමුණ. මොකද එහෙම උනොත් රටේ ආර්ථිකයට වගේම ජනජීවිතයටත් දැඩි ලෙස එය බලපානවා. ඒ වෙනුවෙන් ප්‍රදේශ වශයෙන් හරි තීරණ ගත යුතුයි. ප්‍රදේශ වශයෙන් කුඩා ප්‍රදේශ හුදකලා කරනවා නම් මේ තත්වය වළක්වාගන්න පුළුවන්. එය ප්‍රමාද නොවී කළ යුතුයි. එහෙම නොකළ නිසා තමයි මේ විදිහට රට පුරා පැතිරුනේ . මේ වන විට අවදානම වැඩි දිස්ත්‍රික්ක  05ක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ තමයි කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක. අඩුම වශයෙන් ඒ දිස්ත්‍රික්කවල මායිම් වසා දමන්න කියලා රජයට යෝජනා කළා. එහෙම උනොත්  රෝගය පැතිරයාම සීමා කරන්න පුළුවන්. රට වැහෙන්නේ නැතිව ඉදිරියට යන්නත්, සමාජ ව්‍යාප්තිය නවත්වන්න එය කළයුතු දෙයක් විදිහටයි අපි දකින්නේ. ලෝක සොඛ්‍ය සංවිධානය කියන්නේත් රටවල් වහන්න ඒපා කියලයි.


(චාමර සම්පත්)


No comments

Powered by Blogger.