ප්‍රංශයේ ශ්‍රී ලාංකික පවුලක එකම පවුලේ 5 ක් ඝාතනයවේ - lankaenewsGossip

ප්‍රංශයේ ශ්‍රී ලාංකික පවුලක එකම පවුලේ 5 ක් ඝාතනයවේ

ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලාංකික සම්භවය ඇති පවුලක එකම පවුලේ 5 දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීමක් ගැන විදෙස් මාධ්‍ය අවධානය යොමුව ඇත. ඒඑෆ්පී වාර්තා අනුව පවුල් ආරවුලක් මත මෙම ඝාතන සිදුව ඇති අතර වයස 2 ත් 14 ත් අතර දරුවන් 4 දෙනෙකු හා වැඩිහිටි අයෙකු මෙලෙස ඝාතනය වී ඇත.



තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුව ඇතැයිද වාර්තාවේ.

දරුවන්ට 'මාමා' වන කෙනෙකු මෙකී ඝාතන සිදු කර ඇත්තේ පිහියකින් ඇනීමෙන් හා මිටියකින් පහරදීමෙන් බවද වාර්තා විය.පවුලේ සියලු දෙනාම ඝාතනය කිරීමේ අටියෙන් සියල්ලන්ට පිහියෙන් අනින්නට අදාළ පුද්ගලයා කටයුතු කර ඇත.

නිවස ආසන්න අවන්හලක් පවත්වා යන අයෙකු පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඝාතන සිදුවන අවස්ථාවේ නිවසේ තරුණයෙකු තමන් වෙත පැමිණ උදව් ඉල්ලා සිටි බවයි. ඒ අනුව තමන් පොලිසියට සිද්ධිය දැන්වූ බවත් පොලිසිය පැමිණෙන විට ඝාතනයවූ අය හා තුවාල ලද අය නිවසේ තැන්තැන්වල වැටී සිටි බවද පවසා ඇත.


පොලිසිය මගින් ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සිහිමද ගතියකින් පෙළුණ ඔහු අතේ ඝාතනයට උපයෝගී කරගත් ලේ තැවරුණ ආයුධද තිබී ඇත.

ඝාතකයා කලක් ලංකාවේ පදිංචිව සිට පසුව ප්‍රංශයේ ස්ථිර පදිංචියට ගිය අයෙකි.

මෙම ප්‍රචණ්ඩත්වයට හේතු වූයේ කුමක්දැයි ප්‍රංශ පොලිසිය විසින් විමර්ශනයක් දැන් අරඹා ඇත.“ඔවුන්ගේ තත්වයන් තවමත් නිශ්චය කර ගත යුතුව තිබේ. ඔවුන් සාමාන්‍ය, ආදර්ශවත් පවුලක්. මට එය විශ්වාස කළ නොහැකියි," යනුවෙන් මීට පෙර වින්දිතයින් කිහිප දෙනෙකුට ඉගැන්වූ අදාළ ප්‍රාදේශීය නගරාධිපති ඔලිවියර් සරබයිරූස්  ඒඑෆ්පී වෙත පැවසීය.

No comments

Powered by Blogger.