ප්‍රවීණාටත් කොරෝනා - lankaenewsGossip

ප්‍රවීණාටත් කොරෝනා

ජනප්‍රිය ඉන්දීය ටෙලි නිළි ස්වේතා තිවාරි හට කොරෝනා වයිරස්  ධනාත්මක වීම නිසා ඇය නිරෝධායනයට කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලංකාවේ ජනප්‍රියවූ ප්‍රවීණා ටෙලි කතා මාලවේ ප්‍රවීණාට රඟපෑම නිසා ඇය ගැන කාලයක් ලංකාවේද කතාබහක් මතුව තිබුණි.



දැනට සෝනි ටීවී හි මේරේ ඩැඩ් කි දුල්හාන්ගේ රංගනයේ නිරත ස්වේතා කොරෝනා ධනාත්මක වූ පසු ඒ කටයුතු නවතා ඇය නිවසේ නිරෝධායනය වන බව වාර්තාවේ.

දෙදරු මවක වන ස්වේතාට නිවසේ සිට නිරෝධායනය වීමට පවුලේ අය උදව් කරන බවද කියැවුණි.සැප්තැම්බර් 16 වන දින තමාට කැස්සක් ඇති වූ බවත්, පසුවදා තමා පරීක්ෂා කර බැලීමට තීරණය කළ බවත් ඇය සමාජ මාධ්‍ය වෙත පැවසුවාය.

“මම උණු වතුර ගොඩක් බොනවා. මට පළමු දින තුන සඳහා රෝග ලක්ෂණ තිබුණා. මම සැප්තැම්බර් 17 වන දින පරීක්‍ෂාවට ලක් කළා. නමුත් දැන් මම හොඳින්. අවම වශයෙන් ඔක්තෝබර් 1 වන දින දක්වා මා නිරෝධායනය විය යුතුය. මගේ ඊළඟ පරීක්ෂණය සැප්තැම්බර් 27 වනදා සිදුවනු ඇත, ”ඇය  සඳහන් කර ඇත.

ඇගේ මේරේ ඩැඩ් කි දුල්හාන්ගේ සම-රංගන ශිල්පීන් වන රාජේෂ්වරී සචදේව් ද පසුගිය සතියේ කොරෝනා ධනාත්මක වී තිබෙන අතර ආරක්ෂිත පියවරක් ලෙස, රූගත කිරීම් තාවකාලිකව නතර කර ඇත.



No comments

Powered by Blogger.