පුංචි දුවට බලෙන් පෙති ගොඩක් පෙවු තාත්තා අත්අඩංගුවට - lankaenewsGossip

පුංචි දුවට බලෙන් පෙති ගොඩක් පෙවු තාත්තා අත්අඩංගුවට

 හඳුනා නොගත් පෙති වර්ගයක් තම 13 හැවිරිදි දියණියට පෙව්වේ  යැයි කියන 36 හැවිරිදි පියකු පානදුර  මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ නිවෙසකදී 21 වැනිදා අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ අංශය කියයි. සැකකරු දැරියට එම පෙති 12ක්  බලහත්කාරයෙන් පොවා ඇතැයි 

පොලිසිය සඳහන් කරයි. දැරිය මේ වනවිට පානදුර මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.  දැරියට පෙවූ බවට සැකකරන පෙති 20ක් එම නිවසේ තිබී පොලිසිය භාරයට ගත් බවත් දැරියගේ මව පෙරේදා 20 වැනිදා පානදුර දකුණු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැටලීම් අංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන සැරයන් චන්දන   ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියේය.


දැරියගේ මව සැකකාර පියා හා ඇතිවූ ආරවුලක් හේතුවෙන් දින දෙකකට පෙර නිවසින් පිටවී ඒ ආසන්නයේ මිතුරියකගේ නිවෙසක නවාතැන් ගෙන සිට ඇති අතර සිද්ධිය වන අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දැරිය හා සැකකරු පමණක් බවත් පොලිසිය කියයි.  සැකකාර පියා සමඟ නිවසේ සිටි දැරිය යම්කිසි අසනීප තත්වයකින් පෙළෙන බවට මවට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව ඇය පැමිණ බලද්දී දැරිය වමනය දමමින් සිට ඇති බව ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.  සැකකාර පියා සමඟ නිවසේ සිටි දැරිය යම්කිසි අසනීප තත්වයකින් පෙළෙන බවට මවට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව ඇය පැමිණ බලද්දී දැරිය වමනය දමමින් සිට ඇති බව ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.


අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති පානයට දැඩිව ඇබ්බැහිව සිටින සැකකරු ඔහුගේ මිතුරන් සමග එම නිවසේ ඒවා පානය කිරීමට පුරුදුවී ඇතැයි සිදුකළ විමර්ශන


වලදී හෙළිවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරු දැරියට පානය කිරිමට සැලසු බව කියන නිවසේ තිබී සොයාගත් පෙති වැඩිදුර පරික්ෂණ සඳහා ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කරන බව පොලිසිය කියයි. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටී.


-බිමල් ශ්‍යාමන් ජයසිංහ-

No comments

Powered by Blogger.