20 කෙටුම්පතට විමල්ගේ විරෝධය – ගැසට් කල 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කියයි..!
දැනට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ගැටලු කීපයක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
තමන්ද ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයන් විසින් ඒ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුවත් කළ බව ද ඔහු පැවසීය.
ඒ අනුව මෙම කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලද බවත් එම කමිටුවේ නිර්දේශ ලැබෙන තුරු දැනට ගැසට් කර ඇති විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් ඔහු සඳහන් කළේය.
අදාල කමිටුවේ නිර්දේශ මත නව ගැසට් පත්‍රයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.
දැනට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පතට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද කනස්සල්ල පල කර ඇති බවත් ඒවා නිවැරදි කරගෙන ඉදිරිපත් කළ පසු තුනෙන් දෙකක බහුතර ලබා ගැනීම කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇති බවච ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.
Leave a Comment