Justice for Shani Abesekara - lankaenewsGossip

Justice for Shani Abesekara


2015 ජනවාරි 09 උදේ මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ජනාධිපති හැටියට පත්වෙනවා.ඊට පස්සේ එදාම හවස අගමැති හැටියට රනිල් පත්වෙනවා.ඒ දෙන්නා ඒ තනතුරු ගන්නකොටත් මේ රටේ අපරාධ පොත් වල සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය,දරුවන් 11 දෙනෙක් පැහැරගැනීමේ සිද්ධිය,තාජුඩීන් සිද්ධිය,භාරත ලක්ෂ්මන් ඝාතනය,වැලිකඩ සිද්ධිය ඇතුළු සද්ධීන් ඝනනාවක් ලිඛිතව සටහන් වෙලා තිබ්බේ.ඒවා පරීක්ෂණ මට්ටමේ තිබ්බේ නමුත් විසඳලා තිබ්බේ නෑ.යහපාලන ආණ්ඩුව ආපුගමන් කළේ ඒ වගේ බරපතල සංවේදී සිද්ධීන් ටික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ඉක්මන් කළා. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයා විසින් පවත්වාගෙන ගිය දුෂණ මර්ධන කමිටුව හරහාත් ඇතැම් පරීක්ෂණ ආවා.විශේෂයෙන් ඇවන්ගාර්ඩ් එකේ කේස් පවා.මේ සියල්ල කර ගැහුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයා හැටියට ශානි පත්වුණු ගමන් මේ සියල්ල මෙහෙයවන්නේ ඔහු.ඒ අනුව ඒ සිද්ධි වලට එකින් එකට පුද්ගලයෝ ගෙනල්ලා ප්‍රශ්න කරනකොට මේවා වලට රාජපක්ෂලා සම්බන්ධයි කියලා කිව්වේ ආණ්ඩුව.කැබිනට් රැස්වීම් වලදී පවා රාජපක්ෂලා ගෑවිලා ඉන්නේ කියලා කිව්වා.දැන් සියල්ල හෙළිවෙනවා. හෙට අල්ලනවා කිව්වේ පොලීසිය නෙමෙයි ආණ්ඩුව.ඒකට දේශපාලන මුහුණුවරක් දුන්නෙම යහපාලන ආණ්ඩුව. සාක්ෂිවලට එකින් එක අත් අඩංගුවට ගන්නකොට,ප්‍රශ්න කරනකොට ඒ ආණ්ඩුව විසින් මේක දේශපාලනය කරද්දී ඉක්මනින් රාජපක්ෂ කඳවුරත් මේක දේශපාලනය කරලා කිව්වේ "මේක රණවිරු දඩයමක්,මේ රාජපක්ෂ කඳවුරෙන් පළිගැනීමක්" කියලා.එතකොට මේ දේශපාලන ගැටුමේ ඉන්නේ මැද ශානිලා වගේ පොලිස්කාරයෝ.එතකොට ඉබේටම ඔවුන් දේශපාලනයේ ගොදුරක් වෙලා ඉවරයි.ඒකට හේතුව වුණේම පොලීසියේ පරීක්ෂණ ආණ්ඩුවේ වීරකම් හැටියට ප්‍රදර්ශනකාමය නිසා. මේ හරහා එවකට විරුද්ධ පක්ෂයේ හිටිය මහින්දගේ කඳවුර ඉක්මනින් ගෙනාපු තර්කයක් තමයි මේ සියල්ල බලහත්කාරයෙන් ලබාගත්ත ප්‍රකාශ කියලා.ඒක සරලම චෝදනාවක්.හැබැයි ඒ චෝදනා ආවට කිසිම සාක්ෂිකරුවෙක්,සැකකරුවෙක් හෝ ඔවුන්ගේ නීතීඥයෙක් එදා අධිකරණයේදී ප්‍රකාශයක් කළේ නෑ මේ ප්‍රකාශ වැරදී මේවා සකසන ලද ඒවා කියලා.ඒ නඩුවාර්තා හොයලා බලන්න එදා දුන්න හැම සාක්ෂියක්ම නීතීඥවරු විසින් "එහෙම නෙමෙයි මෙහෙමයි කිව්වා" මිසක් "නෑ මේක ගොතන ලද එකක්,මේක මේ බලහත්කාරයෙන් ගත්ත එකක් " කියලා කිව්වේ නෑ. අන්තිමේදී ආණ්ඩු මාරුවුණා,මෛත්‍රීපාල තරහා වුණා.මෛත්‍රීපාල එළියට ඇවිත් මොකද කිව්වේ"සමහර දේවල් නැවැත්තුවේ රනිල් වික්‍රමසිංහ" කියලා.රනිල්ලගේ පැත්තේ අය කිව්වා "රාජපක්ෂලට අත නොතියන්න වැඩකළේ මෛත්‍රීපාල " කියලා.අන්තිමේ නැවතත් පොලිස් නිළදාරින් දේශපාලනික වුණා. මේ සියල්ල අවසානයේ යහපාලනේ කුණු පහත් තැණින් ගලා ගියාවගේ වගේ ගලාගියේ ශානි අබේසේකර හරහා.ශානි වංචාකාරයෙක් දූෂිතයෙක් බවට රාජපක්ෂ කඳවුරු විසින් ප්‍රහාර එල්ල කරද්දී අවසානයේ ඔහු වෙනුවෙන් එවකට ආණ්ඩුවේ බහුතරයක් නිහඬ වුණා.රාජ්‍ය සේවකයෙක් හැටියට ඔහුගේ හඬ එළියට දීගන්න බැරි බව දැන දැනම විපක්ෂය නිහඬ වුණා. දැන් මේ සියලු පරීක්ෂණ වල වරද ශානි වෙනුවෙන් පැවරිලා ඉවරයි.හැබැයි ඒ වේදනාව හරහා ඇතිවුණු වෛරය මිසක් ඇත්ත නෙමෙයි.ඒ නිසා ශානිව ගන්න පුළුවන් ක්‍රමයක් හැටියටයි මේ වාස්ගේ සිද්දිය ගන්නේ. මට තියෙන ප්‍රශ්නය ශානි පහුගිය කාලයේ බොරු සාක්ෂි හැදුවා නම් ඒ වෙනුවෙන් අත් අඩංගුවට ගන්න පුළුවන් ක්‍රම තියෙද්දී ඇයි මේ වෙනම කතාවකට ගත්තේ.මේ බොරුවක් කියලා ශානිගෙන් පස්සේ අත් අඩංගුවට SI කියද්දී.ඔහුට බලපෑම් කරලා කියලා ඔහුගේ නීතීඥයන් එවලේම අධිකරණයේදී කියද්දී ඇයි ඒවා මාධ්‍යයේ වාර්තා නොවුනේ.පසුගිය ආණ්ඩුවේ පළිගැනීම් පිළිබඳ හොයා බලන්න ජනාධිපති දාපු කොමිසම හමුවේ ගිහින් අපෙන් පලිගත්තා,අපිට පිළිගන්න කියලා කිව්ව කියලා දැන් කියද්දී ඒ කිසි කෙනෙක් ඒ දේවල් අද වෙනකල් අධිකරණයේ කියලා නෑ.එතකොට අධිකරණයේ නිශ්ෂබ්දව සිටි ඔවුන්ද නිර්භීත ඒ මොහොතෙම තමන්ට බලපෑම් කළා කියලා අධිකරණයේ කිව්ව SI ද නිර්භීත.අවංක.පිරිසිදු. එහෙනම් බලය අල්ලන්න රටේ අපරාධ ,එක එක දේශපාලකයන්ගේ,පක්ෂවල මාර්තෘකා කරලා,පස්සේ ඒවා පරීක්ෂණ කරපු නිළදාරින් වැරදිකාරයෝ වෙද්දී ඒ බලය ලබා ගන්න දඟලපු උන් මුනිවත රකිද්දී යුක්තිය ගැන සිහින මවන්න පුළුවන්ද?ශානි බලය හුවමාරු බිල්ලක් වියයුතුද?ඔහුට සාදාරණයක් අධිකරණයෙන් මිස විපක්ෂයේ අවස්ථවාදීන්ගෙන් තවත් බලාපොරොත්තු විය හැකිද? එසේ නම් ශානිට යුක්තියක් කොයින්ද? අද ලොකුම විහිළුව මෛත්‍රීපාල ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකි.රනිල් ගෙදරය.සජිත් වෙනමය.අනුර තුනකට බැස ඇත.දැන් ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් මිස ශානි ගැන තඹ දොයිතුවක කැක්කුමක් නැත. Gayan Gallage

No comments

Powered by Blogger.