මගේ තරගකරු බයිඩෙන් පත්වුනොත් චීනයට ඇමරිකාව අයිති වේවි - ට්රම්ප්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිකුරාදා ප්රකාශ කළේ නොවැම්බර් 3 ජනාධිපතිවරණයේදී තම ඩිමොක්රටික් ප්රතිවාදියා වන ජෝ බයිඩෙන් බලයට පත්වුවහොත් චීනයට එක්සත් ජනපදය අයිති වනු ඇති බවයි
ඩොනල්ඩ් ට්රම්ප් කියා සිටියේ තම ප්රතිවාදියාගේ කතාවේ ලොකුම දෙය චීනය බවයි.
"ඩිමොක්රටික් පක්ෂයේ කෝපය හා වෛරය ප්රතික්ෂේප කිරීමට කාලයයි. අපේ ජීවිත කාලය තුළ විශාලතම මැතිවරණය පැමිණෙමින් තිබේ. ඇමරිකාව ඉරා දැමීමට මෙතරම් කාලයක් ගත කරන අය ගැන දැනගන්න.
ඇමරිකානුවන්ට නායකත්වය දීමට ඔවුන්ට උවමනා නැත. ඊයේ රාත්රියේ කතාවේ ලොකුම කොටස හොයා බලන්න ජෝ බයිඩෙන් කතා නොකළ දේ ගැන බලන්න. ඔහු නීතිය ක්රියාත්මක කිරීම ගැන කතා කළේ නැත. ප්රජාතන්ත්රවාදීව පවත්වාගෙන යනු ලබන නගරවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි බවත් ඒවා පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බවත් ඔහු කතා කළේ නැත. 2020 ජාතික ප්රතිපත්ති කවුන්සිලය ඔහුට වැදගත් නැත. ඔහු චීනයට කැමති බව කතාවෙන් පෙනෙයි.
ඔහු තේරී පත්වුවහොත් චීනයට අපේ රට අයිති වනු ඇත. අපි එය සිදුවීමට ඉඩ නොදෙමු. බුද්ධි අංශ ඔබ දැක ඇත. චීනය ද ජෝ බයිඩෙන් දිනනවාට බොහෝ දේ කරනු ඇත.ඔවුන්ට මාව දිනා ගැනීමට නොහැකි නිසා ඔහුව තෝරාගෙන සහාය දීමට පටන් ගෙන ඇත”ඔහු පැවසීය.
-(සූසර් ජයනන්ද)

Leave a Comment