රාවණා ඇල්ල අසළදී ප්රපාතයට පෙරළුණ වෑන් අනතුරින් විදුලි බල මණ්ඩලේ තිදෙනෙක් මරුට තව තිදෙනක්ට බරපතලයි
ඇල්ල රාවණා ඇල්ල අසළදි අද උදේ වෑන් රථයක් ප්රපාතයට පෙරලීමෙන් තිදෙනෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ
විදුලි අධිකාරිවරුන් පිරිසක් ගමන් ගත් වෑන් රථයකි.බදුල්ල විදුලි බල මණ්ඩලයේ සේවය කරන විදුලි අධිකාරිවරුන් වන ඩබ්ලිව්.එම් සුබසිංහ,ටී ගමගේ උදය
කුමාර යන දෙදෙනා සහ රියදුරෙකු අනතුරින් මිය ගොස් තිබේ.
අද දින උදෑසන 06.00 ට පමණ ඇල්ල පොලිස් වසමේ ඇල්ල - වැල්ලවාය මාර්ගයේදී මෙම අනතුර සිදුවිය.
තිබේ. මෙම පිරිස ඊයේ 21 දින රාත්රි ගාල්ල ප්රදේශයේ අවමංගල කටයුත්තක් සදහා සහභාගි වී
නැවත බදුල්ලට පැමිණෙමින් සිටියදි අනතුර සිදුව තිබේ.
මාර්ගයෙන් වැන් රථය අඩි 100ක පමණ දැඩි බෑවුමකට පෙරලීමෙන් පසු ප්රදේශවාසීන්,පොලිසිය සහ යුද
හමුදාව පැය දෙකක් තිස්සේ මහත් පරිශ්රමයක් දරා තුවාල කරුවන් සහ මිය ගිය අය ගොඩට ගෙන රෝහල්
වෙත රැගෙන ගිය බව පොලිසිය කියයි.
මෙම අනතුරින් වෑන් රථයේ 5 දෙනා මුලින් මුදවා ගත්තද එක් පුද්ගලයෙකු සිරවී සිට ඇති අතර ඔහුව මුදා ගැනීම සදහා පැය කිහිපයක් මෙහෙයුම් ක්රියාත්මක කරන්නට සිදු විය.
මෘත ශරීර දෙමෝදර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
(ලුණුගල ප්රසන්න පත්මසිරි)




Leave a Comment