ධාවන ශූර උසේන් බෝල්ට්, මීහරක් ධාවකයෙකුට පැරදෙයි
මීටර් 100 ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට්ගේ වාර්තාව සම කිරිමට ඉන්දියාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ මී හරක් ධාවක සේවකයෙකු සමත් වී තිබෙනවා.
මෙසේ උසේන් බෝලිට්ගේ වාර්තාව සම කර ඇත්තේ 28 හැවිරිදි ශ්රී නිවාස් ගවුඩා නම් තරුණයෙක්.
ඔහු ගව ධාවන තරගයකදී තත්පර 13 යි දසම 4 යි 2 කින් මීටර් 142 ක දුරක් ධාවනය අවසන් කර තිබුණා.
එය දැනට මීටර් 100 ලෝක වාර්තාව වන තත්පර 9 යි දසම 5 යි 8 අභිබවා යාමක්.
කෙසේවෙතත් මෙය ලෝක වාර්තාවක් හෝ ඔලිම්පික් වාර්තාවක් අභිබවා යාමක් ලෙස හැඳින්විය නොහැකි බවයි ඉන්දීය බළධාරීන් සඳහන් කර ඇත්තේ.
Leave a Comment