මම දේශපාලනයට එන්නෙ ජනතාව වෙනුවෙන් කැපවෙන්න - lankaenewsGossip

මම දේශපාලනයට එන්නෙ ජනතාව වෙනුවෙන් කැපවෙන්න

දශක දෙකකට ආසන්න කාල පරාසයක් වේදිකාවේ පුංචි තිරයේ සහ සිනමාවේ සිය ප‍්‍රතිභාපූර්ණ රංගන දක්ෂතා එළිදක්වමින් මෙරට පේ‍්‍රක්ෂක ආකර්ශනය සහ ආදරය දිනා ගත් ප‍්‍රවීණ රංගන ශිල්පිනි ඕෂධී හේවාමද්දුම, සිය පේ‍්‍රක්ෂක ජනතාවටත් උපන් බිමටත් සේවයක් ඉටු කිරීමේ අරමුණ පෙරදැරිව එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නීය. මතු පෙළගැසෙන්නේ ඇය ඒ පිළිබඳව සහ සිය කලා දිවිය පිළිබඳව පවසමින් ‘දිවයින සිනමා කලා’ සමඟිින් පැවැත්වූ කතා බහක සංක්‍ෂිප්ත සටහනයි.
අද වන විට දශක දෙකකට ආසන්නව ඇති ඔබේ කලා දිවිය වර්ණවත් වූයේ පුංචි තිරය නිසාවෙන් බව බොහොම ආඩම්බරයෙන් පැවසුවා..
ඇත්ත. මම හිතන්නේ මගේ කලා දිවියේදී මට වැඩි ජනතා ප‍්‍රසාදයක් ලැබුණේ පුංචි තිරය නිසාවෙන් කියලයි. කොහොමටත් මම පුංචි කාලේ ඉඳලම කලාවට බොහෝ සේ ඇලූම් කළා කීවොත් එය වඩාත් නිවැරදියි. මම කලා ලෝකයට ප‍්‍රවිශ්ටය ලබන්නේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලියේ ළමා පිටියේ වැඩසටහන් හරහා නිවේදිකාවක සහ ළමා නාට්‍ය ශිල්පිනියක ලෙස මගේ හැකියාවන් එළිදක්වමින්. කැමරාවට මුහුණ යොමු කිරීම වෙනුවෙන් මුල්වරට මගේ රංගනයන් මුදා හරින්නේ ‘සැඩ සුළං’ ටෙලි සිත්තම වෙනුවෙන්. ඊට පසුව මම මේ දක්වා ටෙලි නාට්‍ය හැටකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා. ‘පූජා’, ‘කාව්‍යා’ නම් වූ නාටක මුල් අවධියේ ඉතාමත් ජනපි‍්‍රය වුණා. ඊට පසුව මම රඟපෑ හැම නාට්‍යයක්ම වාගේ පේ‍්‍රක්ෂකයින් අතරට ගියා. හුඟක් ඉහළ ප‍්‍රතිචාර ලැබුවා.
ඒ හිමි වූ ප‍්‍රතිචාර රැුගෙන ඔබ සිනමාවට සහ වේදිකාවටත් පිවිසෙනවා…
2008 දී තමයි මම වේදිකාවට ගොඩවෙන්නේ. ‘හරි අපූරූ දවසක්’, ‘ඒකාධිපති’, සහ ‘පුංතිලා’ මගේ වේදිකා රංගනයනට විශේෂිතයි. මේ නාට්‍ය හරහා මට වේදිකාවේ හොඳ අත්දැකීම් ලබන්න හැකියාව ලැබුණා. ඒ වගේම අපේ වේදිකාවේ අති දක්ෂ සුවිශේෂි නිර්මාණවේදීන් යටතේ රඟපෑමට ලැබීමත් මට විශේෂිතයි. සිනමාව වෙනුවෙන් කළ මගේ රංගනයන්හීදී මා සුවිශේෂි කැපකිරීම් සමගින් රංගනයන් ගෙනහැර දැක්වූවා. ‘අංජලිකා’, මහින්දාගමනය’, ශී‍්‍ර සිද්ධාර්ථ ගෞතම’ සහ ‘ජූලි හතයි’ චිත‍්‍රපට මෙතනදී මගේ මතකයේ නොමියව පවතිනවා. ඒ වගේම මා රඟපෑ තවත් චිත‍්‍රපට තුනක් ප‍්‍රදර්ශනයට නියමිතව තිබෙනවා.
2010 වසරේදී ඔබ දේශපාලනය වෙනුවෙන් පෙරට එනවා…
ඔව්. මට කොහොමටත් දේශපාලනය පිළිබඳව උනන්දුවක් තිබුණා. 2015 දී තමයි මම ඒ වෙනුවෙන් පෙරට එන්නේ. කලා ශිල්පිනියක ලෙස ජාතික මට්ටමින් දේශපාලනයට සකී‍්‍රයව දායකත්වය ලබා දීම වෙනුවෙන් ‘වියත් මඟ’ සමග එක්ව සිටියා. ඊට පස්සේ තමයි ‘නෙළුම් පොහොට්ටුවට’ එකතු වෙන්නේ. මම එහි මුල් සාමාජිකාවක්. ඒ වගේම පොදුජන කාන්තා පෙරමුණේ සහ තරුණ පෙරමුණේ විධායක කමිටු සාමාජීකාවක්. ඒ වගේම මම නිදහස් කලා සංවිධානයේ විධායක කමිටුවේත් සාමාජිකාවක්.
කලාවෙන් නමක් දිනූ ඔබට දේශපාලනයෙන් ජනතාවාදී නායිකාවක ලෙස පෙරට යා හැකි යැයි විශ්වාසද…
මම ජනතා ඡුන්දය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ කලාව නිසාම නෙවී. පක්ෂ කි‍්‍රයාකාරිනියක ලෙස පෙනී සිටීමෙන් අනතුරුව, ඒ හරහා මගේ දේශපාලන සුදුසුකම පෙන්වා තිබෙනවා. මම විශ්වාස කරනවා මට මේ හරහා ගමනක් තියනව කියලා.
හරි, එතකොට ඔබ පාර්ලිමේන්තුව දක්වා යන ගමන වෙනුවෙන් ආරම්භය සනිටුහන් කරන්නේ කොතනින්ද..
බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් මට නාම යෝජනා ලබා දීමට තමයි යෝජනා වී තිබෙන්නේ. මම දන්න තරමින් එම දිස්ත‍්‍රික්කයේ එකම කාන්තා නියෝජනය වෙන්නෙත් මම.
දේශපාලනයට පිවිසීමේ ප‍්‍රධාන අරමුණ කුමක්ද කියා මා විමසුවොත්..
ප‍්‍රධාන පරමාර්ථය රටට ජනතාවට සේවය කිරීම. මම කලාකාරිනියක නිසා කලාව පැත්තටත් අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. හැබැයි එය ප‍්‍රධාන තැනෙහිලා ගන්නට බැහැ.
ඔබ කියූ විදිහටම රටට ලෝකයට වැඩ කරනවා කියා දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තු ගිය අපේ කලා ශිල්පීන් කළ කී දෑ පිළිබඳව ජනතාවගේ ප‍්‍රසාදයක් නෑ නේද..
ඇත්ත, සුදුසුකම් නැති අය රැුල්ලට දේශපාලනයට පිවිසියාට වැඩක් නෑ. මම හිතන්නෙ එවන් අයට මෙවර නොමිනේෂන් ලැබෙන එකකුත් නෑ. මෙය අපි හැමෝටම පොදු කාරණයක්. කොහොමටත් මෑත ඉතිහාසයේ කලා ලෝකෙන් දේශපාලනයට ගිය පිරිස් යමක් කළාද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා. මේක වෘත්තීය ප‍්‍රශ්නයක් නෙවී, පුද්ගල චරිතවල ප‍්‍රශ්නයක්. එදා විජය කුමාරතුංග මහතා මානුෂීය දයාවෙන් වැඩ කළ බව අපි දන්නවා. එතුමා හිටියා නම් සමහර විට ජනාධිපති වෙන්නත් තිබුණා.
ඒ වගේම තමයි ගාමිණි ෆොන්සේකා මහතා. මම දන්න විදිහට අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ සිටි හොඳම කතානායකවරයා එතුමායි. ඉතිං..මේ අයගෙන් පසුව පාර්ලිමේන්තු ගිය කලාකරුවන් ගැන තමයි අපේ ජනතාවගේ ප‍්‍රසාදයක් නැත්තෙ. අද වුණත් වෛද්‍යවරු, ගණකාධිකාරිවරු පාර්ලිමේන්තුවේ සිටිනවා. ඔවුන් අතුරින් ඇතැමෙක් රටට වින කළා කියලා හැමෝටම නාම යෝජනා නොදී බෑනේ. මෙතන තියෙන්නෙ වෘත්තීය ප‍්‍රශ්න නෙවී, පුද්ගල චරිත ඇතුළේ ප‍්‍රශ්න. මේ හැම තැනම රටට හොඳක් කරන අය සහ විනාශයක් කරන අයත් ඉන්නවා. මේ තත්ත්වය සෑම වෘත්තියකටම පොදුයි. මම දේශපාලනයට ආවේ මේ තත්ත්වය වෙනස් කරන්න. හැබැයි අපේ කලා ලෝකයේ බහුතරයක් දේශපාලනයට පිවිසියත් ඒ බහුතරයත් ආවේ සෝඩා බෝතල් වගේ.
දිගටම දේශපාලනය කරන්න ඔබට හැකියාව පවතින බව විශ්වාසද..
ඔව්. මම කිව්වනෙ මම පූර්ණකාලීනව පක්ෂය සමග වසර පහක් මේ ගමන පැමිණියා කියලා. ඉතිං මම දේශපාලනික පසුබිම ගැන දන්නවා. මම වේදිකාවට ගොඩ වුණේ මගේ ජනපි‍්‍රයත්වයත් සමග. ඒක නෑ කියන්න බැහැනේ. නමුත් අපේ හුඟක් කලාකාරයෝ දේශපාලනයට ආවේ ජනපි‍්‍රයත්වය පමණක් ප‍්‍රයෝජනයට ගෙන. ඒ අයට දේශපාලනය ගැන දැනුමක් තිබුණේ නෑ. ඉතිං මම විශ්වාස කරනවා මම මගේ ජනතාවට ලබා දෙන පොරොන්දු අනුව යමින් රටටත් ඔවුන්ටත් සේවයක් කළ හැකි බව.
ඔබ රංගන ශිල්පිනියක ලෙස වැඩි කාලයක් ගෙවා දැමුවේ පුංචි තිරය සමග. ඒත් අද බොහෝ දෙනා පවසන පරිද්දෙන් එයට අත්ව ඇති ඉරණම ඛේදජනකයි නේද…
මමත් ඔය කතාව වසර දෙක තුනක ඉඳලා කියනවා. අද වැඩිපුර තියෙන්නෙ මෙගා හඬකැවීම් විතරනේ. නාලිකා කිහිපයක තමයි බලන්න පුළුවන් හොඳ ටෙලි නාට්‍ය විකාශය වෙන්නෙ. සම්මාන උළෙලකට පවා ඉදිරිපත් කළ නොහැකි නිර්මාණ තමයි අද දකින්නට තිබෙන්නෙ. රඟපාන පිරිස්, තිර පිටපත් වගේම නිර්මාණවේදීනුත් නිසි මඟක නෑ වගේ තමයි දැනෙන්නෙ. නිර්මාණවල කිසිදු ප‍්‍රමිතියක් නැති ගානයි. මේ වෙනුවෙන් පැහැදිලි වෙනසක් ඇති කිරීමට අලූත් රජයට තව කල් දිය යුතුව තිබෙනවා.
කලාව වෙනුවෙන් නිවැරදි ප‍්‍රතිපත්ති හැදිය යුතුයි. ඒවා ආණ්ඩු පෙරළෙන විට වෙනස් වෙන්න බෑ. ඒ වගේම ඒවා පාර්ලිමේන්තුවේ හෝ කැබිනට්ටුවේ සම්මත කර ගත යුතුයි. අද ටෙලි නාට්‍ය වෙනුවෙන් ලබා දෙන කාලය පිළිබඳවත් (බෙල්ට්) ප‍්‍රශ්න තියනවා. දින පහේම විකාශය වන ටෙලි නාට්‍ය කොටස් ගණනකට සීමා විය යුතුයි. ඒ වගේම හඬ කවන සහ මෙගා නාට්‍යයත් සීමා විය යුතුව තිබෙනවා. නාලිකාවල මාර්කටින් පැත්ත තියාගෙන අපේ රටේ කලාකරුවාගේ නිර්මාණ වෙනුවෙන් වැඩි ඉඩක් ලබා දිය යුතුයි. අද මේ දෙවල් වෙනුවෙන් ප‍්‍රමිතියක් සහ නියාමනයක් නොමැති නිසා අපේ කලාකාරයෝ බහුතරයක් ඉන්නෙ ගෙදර.
අද ඉන්නෙ කුලී කලාකාරයෝ කියලා කියන එකත් ඔබලාට ලැජ්ජාවක් නේද…
ඔව් ඉතිං..මොකද කරන්නෙ. මම එදා ටෙලි පිටපතට අනුව ගාණ කතා කරලා රඟපෑවා. අද දවසේ ගාණට කුලියට රඟපාන්න අපට කතා කරනවා. ඒකත් හරියට පිටපතක් නැතිව යන දෙයක්. මේ ක‍්‍රමවේදය වෙනස් විය යුතුයි. මට වගේම හැම කලාකරුවකුටම නිසි වටිනාකමක් තිබිය යුතුයි.
හොඳයි, ඔබ පාර්ලිමේන්තු ගියොත් කලාවට දී තිබෙන තැන වෙනස් කරන්න වෙනවා නේද…
ඔව්නේ. පූර්ණකාලීනව ජනතා සේවකයකු විය යුතු වෙනවා. ඒ මතයට ගරු කරමින් සියයට අනූවක්ම ජනතාව වෙනුවෙන් කැපවෙනවා. ඉතිරි සියයට දහය තමයි කලාවට ලබා දෙන්න වෙන්නෙ. කලාව ඇෙඟ් තියන නිසා සම්පූර්ණයෙන්ම අතහරින්නත් බෑනේ.
දේශපාලනයට ඇවිත්..කලාවෙන් දිනූ හොඳ නමත් නැති වෙයිද…
ඔව්. වැරදි දේ සිදු කළොත් එය එසේමයි. හොරකම, පෝෂණය නොකර ඒවාට අනුබල නොදී ගියොත් මම හිතන්නෙ ඕනෑම කෙනකුට දේශපාලනයේ හොඳ ගමනක් තියෙනවා. මම දේශපාලනයට එන්නේ යම් ආර්ථීක මට්ටමක ඉඳලා. නැතිව හම්බ කරන්න නෙවී. නමුත් මම දන්නවා හුඟක් අය දේශපාලනයට එන්නෙ තමන්ගේ වරප‍්‍රසාද භුක්ති විඳිනවාට වඩා ජනතා මුදල් කොල්ලකෑමට කියලා. මම ඒවා අනුමත කරන්නෙ නෑ. මම කලාවේදීත් අසාධාරණය දැක්ක තැන හඬ නැඟුවා. ඒ ගැන දන්න අය දන්නවා. මගේ දේශපාලන ගමනේදීත් එය එසේමයි. මම ප‍්‍රතිපත්තිගරුකව ජීවත්වන චරිතයක්. ඒවා කොතනකදීවත් පාවා දෙන්න සූදානම් නැහැ.'
Image result for oshadi hewamadduma
ඔබේ පවුලේ තොරතුරු…
මගේ සැමියා ප‍්‍රදීප් බුලත්සිංහල. ඔහු කලාවට සම්බන්ධ ව්‍යාපාරිකයෙක්. අපිට දරුවො දෙන්නයි. පුතා සස්මිත, ඞී.එස්. සේනානායක විද්‍යාලයේ තුන්වැනි පංතියේ ඉගෙනුම ලබනවා. ලිසාරාට තාම අවුරුදු එකහමාරයි. මගේ දෙමාපියන්, ප‍්‍රදීප්ගේ නැන්දා සහ ප‍්‍රදීප් මගේ ජීවිතයේ හැම දේටම ලබා දෙන සහාය නිසා මේ ගමන සැහැල්ලූවෙන් යනවා කියලා කියන්නේ ඔවුනට හදවතින් ස්තුතිය පුද දෙමින්. ඒ වගේම මගේ හැකියාවන් අගයමින් සෑම තැනකදීම මට ප‍්‍රතිචාර ලබා දෙන දයාබර පේ‍්‍රක්ෂක ජනතාවත් ගෞරවයෙන් සිහිපත් කිරීමට මෙය අවස්ථාව කර ගැනීමට කැමතියි.
Source – දිවයින

4 comments:

  1. අනේ නිකං යන්න හලෝ...

    ReplyDelete
  2. Apita nalu niliyo epa. Buddhimath pirisak rata palanayata oni. Enisai Gotabaya mahatha path kale.. ratak kiyanne tele drama wala wage gas asse ekak eka ekka natala minisunge kamaya aussana jara nadagamak newei..

    ReplyDelete
  3. Again monkeys and donkeys coming to parliament.

    ReplyDelete

Powered by Blogger.