ඕස්ට්‍රේලියාවෙ මියගිය සජිත්ගේ සිරුර තවමත් ගෙනවිත් නෑ - lankaenewsGossip

ඕස්ට්‍රේලියාවෙ මියගිය සජිත්ගේ සිරුර තවමත් ගෙනවිත් නෑ

වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවේ සදර්න් ක්‍රොස් රසවියට ගිය ශ්‍රී ලාංකික සිසුවකු හදිසියේ එම සරසවියේදීම 16 වනදා  ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එම දේහය මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවා ඇතත් එකී දේහය කඩිනමින් නිවසට ගෙන්වා ගැනීමට නොහැකිව එම පවුලේ උදවිය දැඩි වේදනාවෙන් හා දෙගිඩියාවෙන් යුතුව පසුවන පුවතක් ගොකරැල්ල පොලිස් වසමට අයත් දොඩම්ගස්ලන්ද කඳුපළාත ගම්මානයෙන් අපට අසන්නට ලැබිණි.

 ඒ අනුව එහි වගතුග සොයන්නට දුරකතර ගෙවා දුෂ්කර මාවතක කඳු පල්ලම් ඔස්සේ එකී නිවහන සොයා අපි පියමං කළෙමු.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ දොඩම්ගස්ලන්ද කඳුපළාත ලිපිනයේ පදිංචි කේ.ඒ.සජිත් මදුෂාන් කුලතුංග අවුරුදු 26 නැමැත්තෙකි.


අපි ඊයේ 22දා සවස් යාමයේ එම නිවහන සොයා යනවිටත් එකී මෘත දේහය ගෙනැවිත් තැන්පත් කරන්නට එම නිවසේ සියල්ල සූදානම්ව  ඇතත් සිසුවා එරටදී මියගොස් සතියක් ගතවෙන නමුත් එරට සිට මෙරටට එය ගෙනෙන දිනයක් පවා නිශ්චිතව දැනගන්නට නොතිබීම නිසා එම පවුලේ උදවිය මෙන්ම ගම්වාසීන්ද දැඩි කුතුහලයකින් යුතුව පසුවිය.

ඒ පිළිබඳව විස්තර කියන්නට අප හා සම්බන්ධ වුයේ මියගිය සජිත්ගේ පියා වන කේ.ඩී.ඒ.එස්.එස්. කුලතුංග මහතාය. තම ගම් පෙදෙසේ එනම් කඳුපළාත ප්‍රාථමික විදුහලේ විදුහල්පතිවරයා ලෙසට කටයුතු කරන ඒ මහතා දැඩි වේගයෙන් යුතුව මෙසේ කටහඩ අවදි කළේය.

මට පුතාලා දෙන්නෙක් හෝ එක දුවෙක් ඉන්නවා. මෙලෙස මියගොස් ඇත්තේ පවුලේ වැඩිමලා. ඔහු කඳු පළාත ප්‍රාථමිකයෙන් මූලික සිප්සතර හදාරා පසුව ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වී උසස් පෙළ දක්වා ඉගෙන ගෙන කලා අංශයෙන් විභාගය ඉහළින්ම සමත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට 2012 වසරේ ඇතුළු වුණා.

එහිදී පුතා භූගෝල විද්‍යාව පවා හැදෑරුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඔහු ඒ තරමටම දක්ෂයි.

පශ්චාත් උපාධියකට පුතා ඕස්ට්‍රේලියාවට ගියා උදේ පුතාගේ යාළුවෙක් ගෙදරට කතා කරලා කිව්වා පුතා හදිසියේ මිය ගියා කියලා.හේතුවක් මේ තාක් දන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයේ ගුරුවරු කියනවා පුතා ඉගෙනගන්නවාට ඉදිරියටත් මාස හයකට වැඩිපුරත් එක්ක මුදල් ගෙවලා තියෙන්නේ කියලා. ඒ මුදල් යැව්වෙත් අපි.

 ඒ වැඩිපුර තිබෙන මුදල අපිට එවනවා කියලත් කිව්වට මරණයට හේතුවක් කිවිවේ නම් නැහැ.
පස්සේ මම ඥාතියකු වන රිදීගම ප්‍රාදේශීය සහ මන්ත්‍රී ලයනල් ධර්මතිලක ඇතුළු පිරිසක් එක්ක විදේශ කටයුතු අමාත්‍යාංශයටත් විදේශ කටයුතු නියුක්ති කාර්යාංශයටත් ගියා. අපි ඉල්ලන ගාණක් ගෙවන්නම් පුතාගේ දේහය ගෙනැත් දෙන්න කීවා.

අපි දහයකට ආසන්න මුදලක් බැන්දා. ඉරිදා වෙනට වාගේ ගෙනත් දෙන්නම් කියලා ඒ නිලධාරීන් පොරොන්දු වුණා.

මෙම දේහය කවදා ගෙනැවිත් දෙන්නේදැයි දැනගැනීමට අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළමුත් ඒ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අහන්න. අපි ඒවා ගැන දන්නේ නැත. එහි නිලධාරීකු පැවැසීය.

ඉන් අනතුරුව අපි විදේශ කටයුතු අමාත්‍යාංශය හා කොතෙක් සම්බන්ධ වුවත් දුරකථනය නිකරුණේ නාද වී විසන්ධිවූවා හැරෙන්නට කිසිවකුත් ඊට ප්‍රතිචාරයක් දැක් වූයේ නැත.

පොල්පිතිගම - නන්දන කැලේගම

2 comments:

Powered by Blogger.