වීර ක්‍රියාවක් කියමින් කුඩු බොන හැටි FB දැමූ ව්‍යාපාරික පුත්‍රයා අත්අඩංගුවට - lankaenewsGossip

වීර ක්‍රියාවක් කියමින් කුඩු බොන හැටි FB දැමූ ව්‍යාපාරික පුත්‍රයා අත්අඩංගුවට

විස මත්ද්‍රව්‍ය පානය කරන අයුරු වීර ක්‍රියාවක් ලෙසට දක්වමින් එම මත්ද්‍රව්‍ය පානය කරන අයුරු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත මුදා හැරි ධනවත් ව්‍යාපාරිකයකුගේ තරුණ දරුවකු හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී නත්තල් දින (25දා) කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු හික්කඩුව, උණවටුන, මිරිස්ස, ආරුගම්බේ යන සංචාරක ප්‍රදේශවල රාත්‍රි
සාදවලට සහභාගි වන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. මෙලෙස ඔහු සහභාගි වන සාද අතරතුර ඔහු විසින් විස මත්ද්‍රව්‍ය පානය කරන අයුරු වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ බවද සුරාබදු නිලධාරීන් පවසයි.

මෙම වැටලීමේදී ඔහු සමඟ සිටි තවත් තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී කුෂ් සහ අයිස් මත්ද්‍රව්‍යද සොයාගෙන ඇත.  මෙම තරුණයන් දෙදෙනාම 25 හැවිරිදි වියෙහි පසුවන බවද සුරාබදු නිලධාරීහු පවසති.

අත්අඩංගුවට ගත් ධනවත් තරුණයා සංචාරක හෝටලයක නාන තටාකවල විනෝද වෙමින් විස මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.

සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ, අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත දිසානායක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ, සුරාබදු අධිකාරී චන්න වීරක්කොඩි මහතාගේ අධීක්ෂණයෙන් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු නිලධාරීන් කණ්ඩායම
මෙම වැටලීම සිදුකර ඇත.

චාමර අමරසූරිය

No comments

Powered by Blogger.