විහාරාධිපති හිමි නමක් පත් කිරීමට එරෙහිව විරෝධතාවක්
විහාරාධිපති තනතුරක් සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක් හේතුවෙන් පසුගිය 21 වැනිදා අගලවත්ත නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. අගලවත්ත, යටියන ශ්‍රි ලියන්වල ධර්මායතනය පිරිවෙන්වි හාරස්ථානයේ නව විහාරාධිපති පත්කිරීමට එරහිව එම විහාරස්ථානයේ දායක සභාව මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

ලෙස ලියාපදිංචි වී ඇති උඩවල විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ලත්පඳුරේ රතනවංශ හිමියන්ට සංඝ සභාවේ නීතියට අනුව මෙම පිරිවෙන් විහාරාධිපති තනතුර හිමි වුවද, උන්වහන්සේ සමග කටයුතු කිරීමට කිසිවිටකත් සුදානම් නොමැති බව පිරිවෙනේ දායක සභාව පවසයි.
වර්ෂ 1984දී පමණ මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ රාණි අධිකාරි නමැති අය විසින් පුජ්‍ය යටියන අස්සජි හිමියන් වෙත පරිත්‍යාග කළ භූමි භාගය
ක ආරම්භ කළ මෙම විහාරස්ථානය, පසුව පිරිවෙනක්
බවට පරිවර්තනය කරමින් අස්සජී හිමියන් විසින් මෙය දියුණු කර ඇත.
දැනට මෙම පිරිවෙනහි සංඝයා වහන්සස්ලා 60 නමකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර, විහාරාධිපති තනතුර පුජ්‍ය මහානාම හිමියන් වෙත නොලැබුණහොත් තවදුරටත් එහි වැඩ වාසය කිරීමට නොහැකි වන බවත්, ඒ නිසා සසුන හැර යාමට 40කට ආසන්න හිමිවරුන් පිරිසක් සූදානම් බවත් දායක සභාව සඳහන් කරයි. මෙහිදී විරෝධතාව පැය දෙකක් පමණ පැවැති අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලියන්වල ධර්මායතනයේ දායක සභාවේ නිලධාරින් පවසා සිටියේ, විහාරාධිකාරී හිමියන් විහාරාධිපති තනතුරේ පිහිට වූයේ නැතහොත් ඉදිරියේදී මාරාන්තික උපවාසයක් සිදුකිරීමට කටයුතු කරන බවයි.
-ප්‍රේමතිලක අරමුණ/ අගලවත්ත - ධනුෂ්ක ලංකා නානායක්කාර -
Leave a Comment