බට්ට ලොරි පොලිසියෙන් ඇල්ලීම නවතයි

ලබාගත යුතු බව ද එන්ජින් ධාරිතාව 49 සීසී වර්ගයේ මදුරුවා යතුරුපැදි නිසියාකාරව ලියාපදිංචි කර ආරක්ෂිත හිස්වැසුම් පැළඳ ධාවනය කළ යුතු බවට පෙර සිටම නීතියක් පැවැති බව ද අබේවර්ධන මහතා කීවේය. එහෙත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත පොලිසිය පෙරේදා (22) උදැසන සිට අදාළ නීතිය ක්‍රියාත්මක කිරිමට යාමේ දි එම රථවාහන හිමියන් විවිධ හිරිහැරවලට ලක්ව ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන ගැනීමට ලැබීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එම නීතිය ක්‍රියාත්මක කිරිම තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී තිබෙන බව ද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම උත්සව සමයේ ජනතාව අපහසුතාවට පත් කළ නොහැකි නිසාත් අදාළ නීතිය පිළිබඳව බාහෝරදතකු නොදන්නා නිසාත් ඒ පිළිබඳව දැනුවත් කිරිමෙන් පසු යළි නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව ද අබේවර්ධන මහතා කීය.කුඩා ලොරි රථවල පිටුපස කොටස ආවරණය කිරීම සඳහා බලපත්‍රය ලබා ගැනීමට පෙර රජය රුපියල් 25000ක් නියම කර තිබූ බව ද 2009 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය රුපියල් 500ක් දක්වා අඩු කළ බව ද ඔහු කිවේය.අදාළ තීරණය පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයා මගින් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එම වැරැදි සම්බන්ධයෙන් අදාළ රථවාහන රියැදුරන් අපහසුතාවට පත් නොකරන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
-ක්‍රිෂාන් ජීවක ජයරුක්-
Leave a Comment