ජනාධීපති මන්දිරයේ ඇද වැටී මතකය අහිමි වුන ජනපති - lankaenewsGossip

ජනාධීපති මන්දිරයේ ඇද වැටී මතකය අහිමි වුන ජනපති

ජනාධිපති මන්දිරයේදී ඇදවැටීම හේතුවෙන් සිය මතක ශක්තිය නැතිවී ගිය බව බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සෝනාරෝ පවසනවා.

64 හැවිරිදි බොල්සෝනාරෝ ඇදවැටීමකට ලක්ව ඇති බවත්, මොළයේ ස්කෑන් පරීක්ෂණයක් සඳහා පසුගිය සඳුදා රාත්‍රියේ ඔහු රෝහල්ගත කළ බවත් පවසන බ්‍රසීල ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ, එහි කිසිදු අසාමාන්‍යතාවක් නොමැති බවයි.

දිනක කාලයක් රෝහල්ගතව පතිකාර ලැබූ බ්‍රසීල ජනාධිපතිවරයා මේ වන විට සුවය ලබමින් ඇති අතර, අහිමිව තිබූ තම මතකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

2018 සැප්තැම්බරයේ බොල්සෝනාරෝ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී සිදුකළ පිහි ඇනුමක් හේතුවෙන් ඔහු මේ දක්වා සැත්කම් හතරකට භාජනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


No comments

Powered by Blogger.