රුවන්වැලිසෑයේ චූඩාමානික්‍ය අනුග්‍රාහකයා ආතර් මහතාද? ප්‍රභාත් මහතාද?

මින් ඉහත 2013 දී මිහින්තලා සෑයේ චූඩා මාණික්යයටත් 2016 සෙල්ල කතරගම කරිවිලේ වතුරුවා සෑයේ චූඩා මාණික්‍යය වෙනුවෙනුත් ආතර් සේනානායක මහතා දායකවූ බව ඇත්තකි. අකාලයේ ඩෙංගු රෝගයෙන් මියගිය ඔහුගේ පුතු වෙනුවෙන් එම පින්කම් සිදු කර තිබුණි.
නමුත් මෙවර කාගේත් කතාබහට ලක්වූ රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය නිර්මාණය කොට සම්පූර්ණ බරපැන දරමින් ඒ වෙනුවෙන් දායක වූයේ විශ්ව පාරමී බෞද්ධ සමිතිය පවත්වා යන ප්‍රභාත් නානායක්කාර මහතාය.
නම් ගම් ප්‍රසිද්ධ කර වෙනම ඒ තුළින් ප්‍රතිරූපයක් මවාගන්නට අවශ්‍ය නැති නිසා ඔහු මේ වෙනුවෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රචාරණයට උනන්දුවක් දක්වා තිබුනේ නැත.
නමුත් දිගින් දිගටම නොදන්නා පුද්ගලයින්ගේ වැරදි ප්‍රචාරයකට මෙම කාරණාව ලක්වීම නිසා මේ ගැන පැහැදිලි කිරීමට රුවන්වැලි සෑයේ විහාරාධිපති පල්ලෙගම හේමරතන ස්වාමීන් වහන්සේට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නටද සිදුව තිබේ.
Leave a Comment