රාජිතයි ගානියයි ඇප මත නිදහස් වූ හැටි - lankaenewsGossip

රාජිතයි ගානියයි ඇප මත නිදහස් වූ හැටි

ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිලිබදව අත් අඩංගුවට ගෙන රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මතයි.

මේ අතර පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට  අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමටද අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදී ඇත.



No comments

Powered by Blogger.