පියා ගඩොල් කපා ඉගැන්වූ ඇය දිස්ත්‍රික්කයේම පළමුවෙනියා

මේ ජායාරූප කිහිපය මවුරට වෙබ් අඩවියට ලැබෙන්නෙ අද දහවල්.මේ ඉන්නෙ මූ
තුර් වල එම්.ෆාතිමා.ඇය දුප්පත්කමේ අන්තයටම වැටුනු පවුලක දරුවෙක්.ඇයත් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. ඊයේ ආව ප්‍රථිපල අතර ඇගේ ප්‍රථිපලත් තිබුනා.
ඇය ජීව විද්‍යා විෂයෙන් ඉහලින්ම සමත් වෙලා තිබුනා. නිකන්ම නෙවෙයි.ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පලවෙනියා වෙලා.දැන් ඇය වෛද්‍ය පීඨයට සුදුස්සෙක්.
ඇගේ පියා ඇයට ඉගැන්නුවේ ගඩොල් කපලා.මවටත් රැකියාවක් නැහැ. ඇගේ නිවස ගරා වැටෙන්නත් ආසන්නයි.ටකරන් වලින් තමයි වටේට සෙවිලි කරගෙන ඉන්නෙ.
මොකද අනිත් අයට ලස්සනට ඉන්න ගෙවල් හදාගන්න ගඩොල් කපලා දුන්නට, ගඩොල් වලින් විතරක් ගෙයක් බඳින්න බැහැ. ඒකට සිමෙන්තිත් ඕනේ. ඒත් මේ තාත්තට සිමෙන්ති ගන්න තරම් වත්කමක් නැහැ. සමහරවිට ඔබේ ජාතියයි ඇගේ ජාතියයි එකිනෙකට වෙනස් වෙන්න ඇති. ඒත් ඔබෙයි ඇගෙයි මනුස්සකම සමානයි.
ඇය හෙට දවසෙ වෛද්‍යවරියක් වෙලා අසරණ රෝගීන් සුව කරද්දි ජාතිය ආගම හොයන එකක් නැහැ. ඉතිං.. රටට වටිනා කියන චරිතයක් වෙන්න ඇයට අපි පුලුවන් විදිහකට හරි උදවු කරමු.
Source :mawrata
Leave a Comment