සරංගගේ රහසක්
ජනප්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර බොහෝ විට අපට දකින්න ලැබෙන්නේ පුංචි තිරය ඔස්සේ. නමුත් මේ දිනවල සිනමාවෙත් ඔහුගේ රංගන කුසලතාව ප්‍රේක්ෂකයින්ට දැක ගන්න පුළුවන්. ඒ මහේෂ් මුණසිංහගේ කුළුදුල් අධ්යක්ෂණයවන ‘රෂ්‘ සිනමා පටයෙන්.
කොහොමද ‘රෂ්’ට ලැබෙන ප්‍රතිචාර?
හොඳයි. ප්‍රේක්ෂකයින් අතර මෑත කාලයේ පරණ බයිස්කෝප් වර්ගයේ සිනමා පටයක අඩුවක් තිබුණු නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර එක්ක මේ දවස්වල ‘රෂ්‘ සාර්ථකව තිරගත වෙනවා.

උද්දිකගේ චරිතය කොහොමද ඔබ දකින්නේ?
රෂ් කියන්නේ මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන තරුණයෙක්. මම දන්න තරමින් උද්දික මේ රෝග තත්ත්ව තියෙන උදවිය සහ ඒ සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරු හමුවෙලා චරිතය සම්බන්ධව හොඳ අධ්‍යයනකින් යුතුව රඟපෑ චරිතයක්.

ඔහුගේ වෑයම ඉතා සාර්ථකයි කියලයි මට හැඟෙන්නේ. බොහෝ විට එවැනි චරිත කරද්දි කොලිවුඩ් ඇතුළු වෙනත් සිනමාවල පවා රංගන ශිල්පින් පොඩි අධි රංගනයක යෙදෙන අවස්ථා තිබෙනවා. සමහර සිනමාවට ඒ රටේ සංස්කෘතිය අනුව එය අවුලක් නැහැ.
නමුත් ලංකාවට හරි යන්නේ නැහැ. උද්දික ඒ සියල්ල හොඳින් තේරුම් අරන් සාර්ථකව මේ චරිතය ඉදිරිපත් කර තිබෙනවා.

සාරංග රෂ් වුණා නම්?
මගේ අර්ථකථනය ඊට වඩා වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
මම එයින් අදහස් කරන්නේ උද්දිකට වඩා හොඳ නෙමෙයි. අපේ පසුබිම් ජීවිතයේ එකතු කරගෙන තිබෙන දේවල් සහ අත්දැකීම් වෙනස් නිසා.

සාරංගගේ රුව සිනමාවේ දකින්නේ හරිම අඩුවෙන්?
සිනමා නිර්මාණ කිහිපයකට මම දායක වුණා. නමුත් වැඩි වශයෙන් අවස්ථා ලැබෙන්නේ පුංචි තිරයේ.
සිනමාවේ ප්‍රධාන චරිත මම වැඩියෙන් කරලා නැහැ. මට වැඩිපුර ලැබෙන්නේ උප ප්‍රධාන චරිත.

සාරංගට ප්‍රධාන චරිතවලට ආරාධනා නොලැබෙන්න හේතුවක් ඇති ?
නිර්මාණයක චරිතවලට තෝරා ගන්නේ අධ්යක්ෂවරු. ගැළපෙන චරිතවලට වෙන්න ඇති මාව තෝරා ගන්නේ.
ඉතින් මෙන්න මේ හේතුව නිසා මට ප්‍රධාන චරිත නොලැබෙනවා ඇති කියලා මට නිශ්චිත උත්තරයක් දෙන්න අමාරුයි.

සාරංගගේ කැමැත්ත වැඩිපුර තිබෙන්නේ මොනවටද?
විශේෂයෙන් කියන්න බැහැ. වැඩි වශයෙන් වේදිකාවෙත් මම රංගනයේ නියැළෙනවා. නමුත් ටෙලි නාට්‍ය හරහා තමයි ගොඩක් ජනප්‍රිය වුණේ.
‘මාර හොරු‘ කියන වේදිකා නාට්‍යයේ මා රඟ පෑ චරිතයටත් ‘හොඳම නළුවාට‘ නිර්දේශ වුණා. එයට සාපේක්ෂව සිනමාවේ මට ලැබුණු අවස්ථා අඩුයි. ඉදිරියේදි හොඳ නිර්මාණවලට අවස්ථා ලැබේවි කියලා හිතනවා. එහෙම නැති වුණත් කුමන අංශයෙන් හෝ ආරාධනා ලැබෙන නිර්මාණවලට, ඒ චරිතයට උපරිමය කරන්න හැම විටම උත්සාහ කරනවා.

සිනමාවේ ඔබ කැමැති චරිතයක් තිබේද..?
කොහොමත් අභියෝගාත්මක චරිතවලට මම කැමැතියි. ඒ අතර මම කලින් රඟනොපෑ චරිත කරන්න තියෙනවා නම් වඩා කැමැති.
ටෙලි නාට්‍යවලත් මම හැම විටම උත්සාහ කරන්නේ එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරන්න. සිනමාවෙත් ඒ විදිහේ වෙනසක් කරන්න ලැබෙනවා නම් එය මටත් මගේ ප්රේක්ෂකයන්ටත් හොඳ අත්දැකීමක් වේව්.

නිර්දේශිත නාම අතර නිතරම දකින සාරංගට මෑත කාලීනව ඇගයුමක් නොලැබුණේ ඇයි?
මට වඩා දක්ෂතා දක්වන පිරිසක් සිටින නිසා විය යුතුයි. සෑම වසරකම නිර්දේශ සඳහා තෝරා ගන්නේ නිර්මාණ රාශියකින් යම් සාධනීය මට්ටමක තිබෙන නිසා වෙන්න පුළුවන්.

නමුත් එය ප්රශස්ත මට්ටමකම නැත්නම්, සම්මානයකට නුසුදුසු යැයි විනිශ්චය මණ්ඩලය තීරණය කරනවා නම් සම්මානයක් නොලැබෙන්නත් පුළුවන්. ඔවුන්ගේ තීරණය තමයි අවසාන තීරණය.
පහුගිය කාලය පුරා ගල් මුල් බොරලු මතින් ගෙවුණු ජීවිතය තරමක් මට සිලිටු වෙලාද?
හැමෝගේම ජීවිතවල අඩු වැඩි වශයෙන් දුක සතුට කියන දේ තිබෙනවා. අටලෝ දහම විශ්වාස කරන බෞද්ධයෙක් විදිහට අපට ප්‍රසංසා දුක සැප සියල්ල අඩු වැඩි වශයෙන් ලැබෙන බව අවබෝධ කරගනිමින් ඒ සියල්ල උපේක්ෂාවෙන් බාර ගන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. මධ්‍යස්ථව ඉන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් පෘථග්ජන මිනිස්සු විදිහට අපේ ජීවිතවල කඩාවැටෙන තැන් සිදු වෙද්දි ඒ හැම දේම සිදු වෙන්නේ යහපතට කියලා විශ්වාස කරලා ඒ කඩාවැටීම් මම බොහොම ධනාත්මකව ගන්නයි උත්සාහ කරන්නේ.

එහෙම අවබෝධ කරගත්තහම ජීවිතය ඉස්සරහට යන්න තරමක් පහසුයි. නොදන්න මිනිස්සු කියන කතා ඇහෙන කොට හිනත් යනවා. සමහර වෙලාවට උත්තර දෙන්නත් හිතෙනවා. නමුත් ඒ වෙලාවට හිතෙනවා ඇත්ත නොදැන කතා හදන මිනිස්සුන්ට ඒ ගැන තේරුම් කරන්න අවශ්‍ය නැහැ කියලා. ඇත්ත දන්න මිනිස්සු දන්නවා මම කවුද කියලා. කොහොම වුණත් මගේ ගමන මම යනවා.
Leave a Comment