මීගමුවේ තරුණියක් වරින් වර ලිංගික හිංසනයට පත් කල ගුරුවරයා ! - lankaenewsGossip

මීගමුවේ තරුණියක් වරින් වර ලිංගික හිංසනයට පත් කල ගුරුවරයා !

මීගමුව ප්‍රදේශයේ විදුහලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් මත්ද්‍රව්‍යවලට හුරුකර කලක් තිස්සේ අතවරයට ලක්කළ බව කියන තරුණ ගුරුවරයකු නොවැම්බර් මස 27 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කළ සැකකරු 35 හැවිරිදි විවාහකයෙකු වන අතර ඔහු එම විද්‍යාලයේ ද්‍රවිඩ බස උගන්වන ගුරුවරයා බවයි සඳහන් වන්නේ.
මානසික උපදේශනයක් සඳහා රැගෙන යන බව පවසමින්, සැකකාර ගුරුවරයා විසින් සිය වෑන් රථයෙන් කැඳවාගෙන ගොස් එම පාසල් සිසුවිය වරින්වර  දූෂණයට ලක්කර ඇති බව සඳහන් වන අතර එම සිසුවිය තම වෑන් රථයට නංවා ගැනීමෙන් අනතුරු දිව යට තබා ගන්නා ලෙසට මත්ද්‍රව්‍ය වර්ගයක්  ලබා දී ඇය මත් වීමට යොමුකර ඇති බවද සඳහන්.
අතවරයට පත් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඇය දූෂණයට ලක්ව ඇති බව තහවුරු වී තිබෙනවා.

No comments

Powered by Blogger.