නාමල්ගේ ලව් එක
පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පෙම්වතිය වන ලිමිණි වීරසිංහ ලබන 15 දා යුග දිවියට එළඹීමට නියමිතව තිබේ.
මේ ඔහු සිය ආදර කතාව පිළිබඳ පුවත්පතකට හෙළි කර තිබූ ආකාරයයි.
“ලිමිනිගේ හා මගේ ආදර කතාව ආරම්භ වන්නේ මීට වසර දෙකකට පමණ පෙරය. ඒ මැරතන් ධාවන තරගයක් තුළිනි. අප දෙදෙනා දැන හැඳිනගැනීමෙන් අනතුරුව ආරම්භ කළ සම්බන්ධයට දෙමාපියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට අපේක්ෂා කළෙමු.

ඔවුන්ගේ ආශිර්වාදය ලැබුණත් අපගේ සබඳතාව පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානයක් යොමුවූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදීය.
ඉන් අනතුරුව පෙම්වතුන් ලෙස බොහෝ පිරිසක් අප දෙදෙනා හඳුනාගත්තේ යෝෂිතගේ විවාහ ගිවිසගැනීමේ අවස්ථාවේදීය. ඒ අපගේ පවුලේ ළඟම ඥාතීන් සමග ලිමිනිද එම අවස්ථාවට එක්වීම හේතුවෙනි. ඒ අපගේ ආදර කතාව හා එය ජනතාව දැනගත් ආකාරය පිළිබඳ කෙටිකතාවයි.”
Source – නෙත්ගොසිප්
Leave a Comment