විවාහ වූදා සිටම කරදර ඉවසා ගත නොහැකිව මවක් දරු තිදෙනා සමඟ කරපු දේ
තම සැමියාගෙන් සිදුවන හිරිහැර ගැන කළකිරීමට පත් තිදරු මවක් තම දරුවන් තිදෙනාද සමග පැවිදි වීමට තීරණය කළ පුවතක් වේයන්ගොඩ ප්රදේශයෙන් වාර්තා වනවා. වේයන්ගොඩ වටද්දර පදිංචි ඉනෝකා දුලාණී නැමැති හතළිස් දෙහැවිරිදි මවක් මෙම තීරණය ගෙන ඇති අතර දැනටමත් ඇයගේ පිරිමි දරු දෙදෙනාගෙන් එක් අයෙකු පැවිදි කර ඇති අතර අනෙක් පිරිමි දරුවාද පැවිදි කිරීම සදහා වේයන්ගොඩ ප්රදේශයේ විහාරස්ථානයක් වෙත භාරදී තිබෙනවා.

ඒ සඳහා පොලිස් වාර්තාව ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඇය සඳහන් කර තිබුනේ අධිකරණ නියෝගවලට පවා පිටුපාමින් තම සැමියාගෙන් සිදුවන හිරිහැර නිසා දරු තිදෙනා සමග සාකව්ඡා කොට මෙම තීරණය ගත් බවයි.
nethnews
Leave a Comment