අද සුළඟේ වේගය ඉහළ යන පැති මෙන්න
අද (08) අලුයම් කාලයේ කොළඹ ඇතුළු ප්‍රදේශවල ඇති වූ තද සුළං තත්ත්වය ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිසා හදිසියේ ඇති වූ තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එවැනි තත්ත්වයක් සාමාන්‍යයෙන් පවතින්නේ පැය 06ක් වැනි කාලයක් බවයි එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.
උතුරු, උතුරුමැද, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60ත් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර උතුර සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ක්ෂණික ඉහළ යාමේ හැකියාව විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රි කාලයේදී පවතින බවයි ඉන් පෙන්වා දුන්නේ.

Source – නෙත්නිව්ස්




Leave a Comment