ඔබට නිදහස ලබාදීමට කැපවූ රණවිරුවන් තවමත් ඇඳන් උඩ - lankaenewsGossip

ඔබට නිදහස ලබාදීමට කැපවූ රණවිරුවන් තවමත් ඇඳන් උඩ

එදා මේ රට වෙනුවෙන් දුටුගැමුණු, විජයබාහු, පළමු රාජසිංහ වැනි නරපතියන් වගේම යටත් විජිත සමයේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ විර පුරන්අප්පු, කැප්පෙටිපොළ, ගොන්ගාලේගොඩ බණ්ඩා වැනි වීරවරයන් ලෙයින් කඳුළින් මේ රට රැුක ගත්තා. ඒ වගේම වර්තමානයේ සේවය කරන සහ සේවය කළ අපේ හමුදා මේ රට වෙනුවෙන් කැපවී සිටිනවා.
එදා රට වෙනුවෙන් සටන් කර අද විශ‍්‍රාම ගොස් සිටින මේ විරුවන් ඉදිරියේ දී රටට සිදුවන ඕනෑම සතුරු බලවේගයක් හමුවේ නොබියව රට වෙනුවෙන් දිවි පුදන්න සැදී පැහැදී ඉන්නවා යයි හෙළ රණවිරු බලමුළු සංවිධානයේ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ආබාධිත රණවිරුවන්ගේ දරුවන් සඳහා ”හෙළ රණවිරු බලමුළු” විසින් පාසල් පොත් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා මෙසේද පැවසීය.
‘‘මේ මව්බිම වෙනුවෙන් රණවිරුවන් විසිනවදාහක් ජීවිත පූජාකළා. දුවේ, පුතේ ඒ වගේම තව හැටදාහක් තුවාල ලැබුවා. ඉන් තවත් දාහතරදාහක් අද ඇඳන් උඩ හරි රෝද පුටු උඩ හරි ජීවත් වෙනවා. ඔවුන්ට තවත් අවුරුදු ගණනාවක් හෝ ඉතිරි මුළු ජීවිත කාලයම ඒ ඇඳන්, රෝද පුටු උඩ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඔබට නිදහස් ලස්සන රටක් ලබාදීමට කැපවුණ නිසයි.
ඒ අයගේ මුළු තරුණ කාලයම තම පවුලෙන් ඈත්වෙලා, කැළෑවල ඉඳල සටන් කළා. අද ඔබට නිදහසේ ජීවත්වීමට ඔවුන් කළ කැපවීම අතිශය වටිනා දෙයක්. එනිසා ඔබ හොඳට ඉගෙනගෙන ලොකු නෝනලා මහත්තුරු වෙලා රටට සේවය කරන්න.
අනුරාධපුර ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඥානන්ද හිමියන් විසින් ආගමික වතාවත් සිදු කරන ලදී. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. චන්ද්‍රසේන, ෂෙහාන් සේමසිංහ, උතුරුමැද හිටපු මහ ඇමති රන්ජිත් සමරකෝන්, හිටපු පළාත් සභා මන්ත‍්‍රී රණවිරු උපාලි, මහචාර්ය චන්න ජයසුමන, විශ‍්‍රාමික අද්මිරාල් ආනන්ද පීරිස් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
අනුරාධපුර දිස්ත‍්‍රික් සංවිධායක විශ‍්‍රාමික ලෙෆ්ටිනන් කර්නල් නාමල් තිලකරත්න මහතා විසින් මෙය සංවිධානය කරන ලදී. විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සභාව අමතන අයුරුත්, සහභාගි වී සිටි පාසල් දරුවන්ගෙන් පිරිසක්ද ඡුායාරූපයේ දැක්වේ.
නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා 
Source – දිවයින

No comments

Powered by Blogger.